ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    යෝජිත නව “විහාර දේවාලගම්” පනතෙහි ගැටළු පිළිබඳ සාකච්ඡාවක්

    මාර්තු 09, 2023

    යෝජිත නව “විහාර දේවාලගම්” පනතෙහි දේවාල වෙනුවෙන් පවතින කරුණු,ගැටළු ආදීය පිළිබඳ බස්නායක නිලමෙවරුන්ගේ සංගමය සහ බුද්ධ ශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර හමුවක් කොළඹ අමාත්‍යාංශ පරිශ්‍රයේ දී (07 දින ) පැවැත්විණි.

    තම සංගමය මඟින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව අමාත්‍යවරයා යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බවත්,ඉදිරියේ දී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට තමා ඇතුළු කණ්ඩායම පැමිණෙන බවත්, බස්නායක නිලමෙවරුන්ගේ සංගමයේ ලේකම් ප්‍රියන්ත බණ්ඩාර ජයසුන්දර මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

    බස්නායක නිලමෙවරුන්ගේ සංගමයේ සභාපති එච්.එම්.එල්.එච්.බී.හේරත්, ලේකම් ප්‍රියන්ත බණ්ඩාර ජයසුන්දර,භාණ්ඩාගාරික උදය රංජිත් කුමාර දිසානායක,බුද්ධ ශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරු මෙම අවස්ථාවට එක්වුහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya