ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ලංකා ඛනිජ වැලි සමාගම නව ප්‍රධාන කාර්යාල පරිශ්‍රයකට

    මාර්තු 09, 2023

    ලංකා ඛනිජ වැලි සමාගම ( ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ) ප්‍රධාන කාර්යාල පරිශ්‍රයකට පැමිණීම පසුගිය දා රාජගිරියේදී කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    ලංකා ඛනිජ වැලි සමාගමට වසර 65 ක් මේ වසරේදි සපිරේ.

    මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා; 

    කර්මාන්ත අමාත්‍යංශයේ වැඩ කටයුතු පැවරිලා ගතවූ මාස කීපයේ අප වැඩ කටයුතු සිදුකලේ අප යටතේ ඇති ආයතන වැඩි දියුණු වන ලෙසත් , ප්‍රතිපත්ති කරුණු කාරනා වලදී විනිවිද පෙනෙන ලෙසත්, රාජ්‍ය දේපළ සහ ආයතන ආරක්ෂා වන ලෙසත් තමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකා මිනරල් සෑන්ඩ්ස් විසින් නිෂ්පාදනය කරන ලද ඛනිජ වැලි වලට වසර 65ක කාලය තුළ ලැබුන වැඩිම මිළ ලැබිලා තිබෙනවා.

    එය ඩොලර් මිලියන 20කට අධික ප්‍රමාණයක්. ඛනිජ වැලි අලෙවිය වෙනුවෙන් විනිවිද පෙනෙන ක්‍රමවේදයක් ටෙන්ඩර් පටිපාටිය වෙනුවෙන් සකසා තිබෙනවා. ඒ ආයතනයටත් රටටත් වැඩි මුදලක් ලැබෙනවා.ආයතනයක් හැටියට ගත්තාම ඩොලර් මිලියන 20 කියන්නෙ ලොකු මුදලක් උනාට රටක් හැටියට ගත්තම එය දැවැන්ත මුදලක් නෙමේ. එනිසා අපිට අවශ්‍යයි ඛනිජ වැලි සහ මෙම අංශයට සම්බන්ධ අනෙකුත් අංශ වල මුදල් ඉපැයීම ඩොලර් බිලියනක් දක්වාවත් රැගෙන යාමට. ඒ වෙනුවෙන් අපි මේ වනවිට කටයුතු සිදුකරමින් සිටිනවා."කීය.

    මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , අතිරේක ලේකම් රංජිත් විමලසූරිය ඇතුළු අමාත්‍යංශ නිළධාරින් , මහාචාර්ය අතුල විජයරත්න , ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සභාපති වෛද්‍ය උදේනි දසනායක ඇතුළු එම ආයතනයේ නිළධාරින් ප්‍රමුඛ සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya