ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    නීතියේ අධිපත්‍යය නැති රටක් තුළ කිසිවෙකුගේ ජීවිතයක සුරක්ෂිත බව පිළිබදව විශ්වාසයක් නැහැ- අධිකරණ අමාත්‍ය

    මාර්තු 09, 2023

    නීතියේ ආධිපත්‍ය නොමැති රටක කිසිවකුගේ ජීවිත සුරක්ෂිත බවට විශ්වාසයක් නොමැති බවත් සාක්ෂිකරුවන් ආරක්ෂා නොකිරීමෙන් නිවැරදි නඩු තීන්දු නොලැබෙන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, 07 වැනිදාට යෙදී තිබූ අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ හා සහායවීමේ දිනය වෙනුවෙන් බත්තරමුල්ල, පැලවත්ත විද්‍යාවර්ධන මහා විද්‍යාලයේදී සංවිධානය කර තිබු උත්සවය අමතමිනි.

    අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් සුරකින සමාජයක් යන තේමාව යටතේ මෙම උත්සවය සංවිධානය කර තිබු අතර, ඒ වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් නිකුත් කිරීම මෙහිදී සිදු විය.

    2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය 2016 වසරේ පිහිටුවනු ලැබු බවත්, සාධාරණ නඩු තීන්දු ලබා ගැනීම වෙනුවෙන් සාක්ෂිකරුවාගේ ආරක්ෂාව තහවුරු වී වින්දිතයාට යුක්තිය ඉටු විය යුතු බවත්, බරපතල අපරාධ නඩු සදහා සාක්ෂි ලබාදීමට සාක්ෂිකරුවන් ඉදිරිපත් නොවන්නේ තම ජීවිතය සම්බන්ධව පවතින බිය නිසා බවත්, අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

    රටේ මුලික නීතිය පිළිබදව සාමාන්‍ය ජනතාවට පවතින දැනුම අල්ප බැවින් රජයක් ලෙස ජනතාවට නීතිය සම්බන්ධව දැනුම ලබාදීමට කටයුතු කළ යුතු අතර, ඒ සදහා අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වැනි ආයතන මුලිකත්වය ගෙන සාමාන්‍ය ජනතාවට මෙන්ම පාසැල් ළමුන් තරුණ තරුණියක් ඉලක්ක කර ගත් වැඩපිළිවෙලක් දියත් කළ යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.

    සාමාන්‍ය නීතිය පිළිබදව මහජනතාවට පවතින අල්ප දැනුම හේතුවෙන් ඇතැම් රාජ්‍ය නිලධාරීන් හා දේශපාලඥයින් අනිසි ප්‍රයෝජන ලබා ගන්නා බැවින් රටේ මුඛ්‍ය නීතිය සම්බන්ධව පාසැල් ළමුන්ට දැනුම ලබාදීම සදහා මේ වන විටත් නීතිය ඉගැන්වීම සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට විෂයක් ලෙස ඇතුළත් කිරීමට පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ සභාපති ජනාධිපති නීතිඥ සුහද ගමලත් මහතා ද මෙහිදී අදහස් පළ කළ අතර, අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතීඥ, අනුරාධ ජයරත්න, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් බී.කේ.එස්.රවීන්ද්‍ර, තැපැල්පති රුවන් සත් කුමාර, නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ.රණසිංහ, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ ලංකා ද සිල්වා, විශේඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු, විද්‍යාවර්ධන මහා විද්‍යාලයේ විදුහල්පතිනී චන්ද්‍රිකා ජයවර්ධන යන මහත්ම මහත්මීන්, ගුරුවරුන් පැසැල් දරුවන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, පාසැල් ළමුන් දැනුවත් කිරීමේ වැඩ සටහන් කිහිපයක් ද මෙහිදී සංවිධානය කර තිබුණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya