ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    විගමනික සේවකයින්ගේ දරුවන් සඳහා විදේශයන්හි මෙන්ම මෙරටදීත් සමානව අධ්‍යාපන ලබා ගත හැකි ක්‍රම වේදයක්

    මාර්තු 09, 2023

    විගමනික සේවකයින්ගේ දරුවන් සඳහා විදේශයන්හි මෙන්ම මෙරටදීත් සමානව අධ්‍යාපන ලබා ගත හැකි ක්‍රම වේදයක් ආරම්භ කරන බව විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී අද (09) ප්‍රකාශ කළේය.

    එම දරුවන් සඳහා පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙළක් සකස් කරන බවත් මේ වන විට කටාර් සහ ඕමාන් රාජ්‍ය වල මෙවැනි පාසල් තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

    අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඕමාන් සහ ඩුබායි රාජ්‍ය වලට විසින් වීසා මගින් ගොස් මෙරටට අපකිර්තියක් එක් කළ පුද්ගලයන් වෙනුවෙන් නීතිමය කටයුතු සිදු කරන බවත් මේ වන විට එම තත්වය සමතයකට පත් කිරීමට හැකි වී ඇති බවයි.

     

    කොරියානු රටට විදෙස් ශ්‍රමිකයින් යැවීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වසරකට මෙරටින් විදෙස් ශ්‍රමිකයින් 3000 – 4000 අතර ප්‍රමාණයක් කොරියාව බලා යන බවයි.

    පසුගිය වසරේ 6000 දක්වා වර්ධනය වූ බවත්, මෙම වසරේ මේ වන විට විදෙස් ශ්‍රමිකයින් 6500ක් පමණ කොරියාව බලා ගොස් ඇතැයිද හෙතෙම පැවසිය.

    කොරියානු භාෂා හැකියාව තිබෙන ශ්‍රමිකයින් නැවත වතාවක් එම රටට ගොස් සේවය කිරීමේ අවස්ථාව ලබා දෙන ලෙස කොරියානු රජයෙන් ඉල්ලීම් කර ඇති බවත් ඒ අනුව ඉදිරියේදී,එ පිළිබඳ අවධානය යොමු කරන බවද කීය.

    මේ වන විට කොරියානු රාජ්‍ය සඳහා යන ශ්‍රමිකයින් පුහුණු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. වෑද්දුම් ,පේන්ටින්ග් සඳහා නැවත වතාවක් අවස්ථාව ලබා තී තිබෙනවා. හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya