ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    උසස්පෙළ දරුවන්ගේ උත්තර පත්තර පරීක්ෂා කිරීම ටැක්ස් එකත් එක්ක පටලවා නොගන්න

    මාර්තු 10, 2023

    උසස්පෙළ දරුවන්ගේ උත්තර පත්තර පරීක්ෂා කිරීම ටැක්ස් එකත් එක්ක පටලවා නොගන්නැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී අද (10) ප්‍රකාශ කළේය.

    දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගත යුතු පියවර ගත යුතු බවත්,උසස් පෙළ උත්තර පත්තර ඇගයීමේ කටයුතු ප්‍රමාද වුවහොත් අනෙකුත් සියළුම කටයුතු ප්‍රමාද වන බැවින් ඒ සඳහා සහාය වන්නැයිද අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගත යුතු පියවර ගත යුතු බවත් වෙනුවෙන් අවශ්‍ය මුදල රජය වෙන් කර ඇත්තේ ඒ නිසා බවද කීය.

    පළාත් පළාත්පාලන මැතිවරණය කල් තැබීම පිළිබඳ පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ,

    උසස් පෙළ විභාගය මෙවර සාර්ථක ලෙස අවසන් වුණා. ප්‍රශ්න පත්‍ර ඇගයීම සඳහා ගුරුවරු 19,000ක් අවශ්‍යයි.නමුත් ඒ සඳහා අයදුම් කර තිබුණේ ගුරුවරු 13,000ක් පමණයි. මේ වන විට දීමනා වැඩි කර දීතිබෙනවා. රු 500ට තිබූ දීමනාව රුපියල් 2000 දක්වා වැඩි කර තිබෙනවා.මේ දරුවන්ගේ වැඩේ . ඒ නිසා ඒ සඳහා සහාය දෙන්න. අම්මලා තාත්තලා දරුවන්ට උගන්වන්නේ තුන්වේලම කන්න තිබිල නෙමේ. දරුවන්ට උගන්නලා, විභාගේ තියලා ප්‍රශ්න පත්‍රය ලකුණු කරන් නැහැ කීවාම මොකක්ද රටේ තත්වය? මේක 21 වන සියවස නෙමේ. අපි ආයේ 19 වන සියවසට ගිහිල්ලා. රු500 , රු2000 දක්වා වැඩි කළා. ඉල්ලීම් කර තිබුණේ රු 3000ක්. අපි දන්නවා. ගුරුවරු ඇවිත් පාසල් වල නැවතිලා, නිදාගෙන තමයි මෙම කාර්යය කරන්නේ. පුළුවන් කම තිබුණා නම් ඉතිරි 1000ත් වැඩි කරනවා

    මේ වන විට උසස් පෙළ උත්තර පත්තර පරීක්ෂාව සති 02ක් පහු වෙලා තිබෙන්නේ. එවිට ප්‍රතිඵල නිකුත් කිරීමට තවත් සති දෙකක් පහු වෙනවා. මේ නිසා මැයි මාසයේ තියන්න තිබුණ සාමාන්‍ය පෙළ විභාගය පහු වෙනවා.එවිට උසස් පෙළ ආයේ ප්‍රමාද වෙනවා. මෙම දරුවෝ කොවිඩ් වසංගතය නිසා බැට කාපු දරුවෝ.

    මේ වන විට 1,2 පංති වල දරුවන්ගේ සාක්ෂරතාව අඩු වෙලා තිබෙන්නේ. ඒ සඳහා විශේෂ වැඩසටහනක් ගෙනියනවා.අපි පාසල් සහ විශ්වවිද්‍යාල ටික පවත්වාගෙන යමු. මේ ප්‍රශ්න ඉදිරියේදී අඩුවේවි. ආණ්ඩුවේ අඩුපාඩු තියෙනවනම් පෙන්වා දෙන්න. අපි ඒවා හදාගන්න සූදානම්. මැතිවරණ තිබිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. මූල්‍ය අරමුදලේ මුදල් 20 ලැබෙනවා. එතකොට සියලු සහන ලැබෙනවා. අප්‍රසන්න තීන්දු ගන්න සිද්ධ වුණේ බැරිම තැන. ගෝඨාභයගේ කතා ලියල දීපු අයත් දැන් එතුමා විවේචනය කරනවා.

    මේ වෙන කොට පෙළ පොත් රට පුරා බෙදා හරිමිත් තිබෙනවා. එළඹෙන 24 නිවාඩු දෙන විට පෙළ පොත් බෙදා අවසන්, මේ වන විට පාසල් නිල ඇඳුම් බෙදා හරිමින් සිටිනවා. මේ රට ග්‍රීසියේ,ආර්ජන්ටිනාවේ තත්වයට පත් වුනේ නැහැ. මේ වන විට ඩොලරය ක්‍රම යෙන් පහත වැටෙමින් තිබෙනවා. දරුවන් ලක්ෂ 12 ට දිවා ආහාරය දෙන්න රුපියල් බිලියන 19ක් වෙන් කර තිබෙනවා.

    ළමයි 200ට අඩු පාසල් 2900කට පාසල් පෙළ පොත් ලබා දීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද පෞද්ගලික අංශය සමග එක්ව සාකච්ඡා කරන බවද හෙතෙම සඳහන් කළේය.ලක්ෂ 12ට බිලියන 19ක් වෙන් කර තිබෙනවා.මේ වන විට 35%ක වට්ටමකට සතොස හරහා අභ්‍යාස පොත් ලබා දීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වෙනවා.පළමු ශ්‍රේණියේ සිට දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වෙනවා ''යැයි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya