ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    පාසල් ඉදිරිපිට අරගල නොකරන්න - ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තුවේ දී ඉල්ලයි

    මාර්තු 10, 2023

    පාසල් ඉදිරිපිට සිදුකරන අරගල මැඩලීමට යාමේදී, දරුවන්ට සිදු වන අපහසුතාව නිසා දෙමාපියන්ට වේදනාවක් දැනෙන බවත් එබැවින් පාසල් ඉදිරිපිට අරගල නොකරන්නැයි, නාගරික සංවර්ධන හා නිවාස ඇමැති, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද(10) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේ ය.

     

    විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

    ඔබතුමන්ලා පාසල්ගාව අරගල නොකර ඉන්න. දෙමව්පියෝ ළමයින්ව පාසල් යවන්නේ උගන්වන්න. පාසල් ඉස්සරහ කරන අරගල පාලනය කරනකොට දෙමාපියන්ටත් වේදනාවක් දැනෙනවා. දරුවෝ ඉන්න දෙමාපියන්ට වේදනාවක් දැනෙනවා.

    මෙතුමා උදේ පාන්දර පාර්ලිමේන්තුවට ඇවිල්ල බණ කියනවා. එකවෙලාවකට කියනව බෙහෙත් නැහැ කියල, තව වෙලාවකට තව එකක් කියනවා. විපක්ෂයට ඕන විදියට පාර්ලිමේන්තුව කරන්න දෙන්න එපා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya