උතුරු දුම්රිය මාර්ගයේ මහව - ඕමන්ත දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ නවීකරණය වන අනුරාධපුර හා වව්නියාව අතර කොටසේ මැදවච්චිය දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රිය මාර්ගය ඉදිකිරීම් මේ වන විට කඩිනමින් අවසන් වෙමින් පවතී.
ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම දැවැන්ත ව්‍යාපෘතිය පසුගිය ජනවාරි මස ඇරඹුණු අතර මාස පහක් තුල ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි. ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ,ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඉන්දීය IRCON සමාගම මගින් මෙහි ඉදිකිරීම් සිදුකරනු ලබයි