ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
අබාධිත සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ සම්මුතියට ශ්‍රී ලංකාව විසින් 2016 දී අත්සන් තබා ඇත.
එකී සම්මුතියේ 04 වන ව්‍යවස්ථාවට අනුව අබධිතභාවය පදනම් කර ගනිමින් කවර ආකාරයේ හෝ වෙනස්කමකට භාජනය කිරීමකින් තොරව අබාධ සහිත සියලුම තැනැත්තන්ගේ සියලු මානව අයිතිවාසිකම් සහ මූලික නිදහස සහතික කිරීම සහ ප්‍රවර්ධනය රාජ්‍යයන් විසින් සිදු කළ යුතුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් මූලික කෙටුම්පතක් සකස් කිරීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්වොත කමිටුවක් පත් කර ඇත.
ඒ අනුව 1996 අංක 28 දරණ අබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත පර්ච්ඡින්න කරමින් නව පනතක් හඳුන්වාදීම සඳහාත්, ඉහත කමිටුව විසින් ඉදිරිපත් කරන ලද මූලික කෙටුම්පත මත පදනම්ව එකී කාර්යය සඳහා නව පනතක් කෙටුම්පත් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහාත් කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.