ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ලංගම හෝ පෞද්ගලික බස්රථ රියදුරන්ගේ නොමනා හැසිරීම් සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි නීති - අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    මාර්තු 14, 2023

    මාර්ග නීති ආරක්ෂා කිරීම හා විනය පවත්වාගෙන යාම සඳහා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා සහ අදාළ පාර්ශ්වකරුවන් ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ජනමාධ්‍ය සහ මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

    ලංගම සහ පෞද්ගලික බස්රථ රියදුරන්ගේ මාර්ගස්ථ විනය පිරිහීමක් තිබෙන බව දක්නට ලැබෙන බවත්, ඒ අනුව ඔවුනොවුන්ගේ අනවශ්‍ය තරඟකාරිත්වය තුළ ආරවුල්, රියදුරන්ට පහර දීම වැනි අඩම්තේට්ටම් සිදුවීම දක්නට ලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    මාර්ග වලට පුද්ගලික අංශයේ රියදුරන් විසින් ලංගම බස්රථ වලට පහර දීම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වුවහොත්ගමනාගමන මණ්ඩලයේ රියදුරන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම වැරදිකාර වන පුද්ගලික අංශයේ රියදුරන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට තීරණ කර තිබෙන බව ද, එසේම පෙරළා ලංගම බස්රථ රියදුරන් වැරදිකරුවන් වුවහොත් එම වැරදිකාර වන ලංගම බස්රථ රියදුරන් හට ද දැඩි දඩුවම් ලබා දීමට කටයුතු කරන බව ද හෙතෙම මෙහි දී අවධාරණය කළේය.

    එමෙන්ම, ලංගම රියදුරන් 800 ක පමණ හිඟයක් තිබෙන බැවින් ලංගම සතු බස්රථ 800 ක් පමණ ධාවනයේ නොයෙදෙන අතර මෑතක දී රාජ්‍ය සේවා කොමිසම මඟින් රියදුරන් කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගැනීමට අවසර ලබා දී තිබේ. මේ වන විට එහි සම්මුඛ පරීක්ෂණ පවත්වාගෙන යන බව ද ඒ අනුව, සිංහල දෙමළ අලුත් අවුරුද්දට ප්‍රථම කෙසේ හෝ මෙම බස්රථ ධාවනය කිරීමට උත්සාහ ගන්නා බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya