වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින වාණිජ දෙපාර්තමේන්තුව හරහා 2022 වසරේ ඔක්තොම්බර් මාසයේ සිට කරුංකා අපනයන සඳහා ප්‍රභව ස්ථාන සහතික නිකුත් කිරීම (Country Of Origin Certificate ) නවත්වා තිබේ.
එ් කරුංකා අපනයන ආශ්‍රිතව වාණිජ දෙපාර්තමේන්තුවට නිර්දේශ ලබා දෙන රජයේ වගකිව යුතු ආයතනය වන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රට තුළ නිෂ්පාදනය වන කරුංකා ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් 2022 ඔක්තොම්බර් මාසය වන විට මෙරටින් අපනයනය කර ඇති බවත්, නීති විරෝධී ලෙස ආනයනය කළ කරුංකා ප්‍රමාණයක් ඒ අනුව අපනයන සඳහා මිශ්‍ර කොට ඇති බවද ලිඛිතව දන්වා තිබීම හේතුවෙනි.
ඒ අනුව ඒ පිළිබදව නිසි සාකච්ඡාවක් සිදු කර අවශ්‍යය පියවර ගන්නා තෙක් රටට සැළකිය යුතු විදේශ විනිමයක් ගෙන එන කරුංකා අපනයනය වෙනුවෙන් අවශ්‍ය ප්රතිපත්තීමය පියවර ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය වෙත යොමු කළ බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ අමාත්‍යවරයා මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් මෙලෙස ප්‍රකාශ කරන ලදී.
“එළඹෙන උත්සව සමය ආශ්‍රිතව වෙළෙඳපොළ බිත්තර හිගයක් හා බිත්තර මිළ ගණන් සීග්‍ර ලෙස ඉහළ යාමක් සිදු වන බවට කල්තියාම දැනගත් නිසාවෙන් බිත්තර සඳහා පාලන මිලක් මගින් මිල පාලනය කිරීමට අවශ්‍ය පියවර ගත්තද බිත්තර නිෂ්පාදකයන් අධිකරණ ක්‍රියාමාර්ගයන්ට යොමු වීම නිසා බිත්තර මිල සැළකිය යුතු ලෙස ඉහළ ගියා.සත්ත්ව නිෂ්පාදන හා පර්යේක්ෂණ ආයතතනය 40 %ක් බිත්තර නිෂ්පාදනයේ අඩුවක් පවතින බව සදහන් කිරීම නිසා වෙෙළඳ අමාත්‍යවරයා ලෙස එම තත්ත්වය පාලනය කිරීමට සෘඡුව මැදිහත්ව බිත්තර ආනයන කිරීම සඳහා අවසර ඉල්ලූ විට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිළධාරීන් එයට අනුමැතිය ලබා දීම ප්‍රමාද කිරීම හේතුවෙන් බිත්තර ආනයනය සඳහා කැබිනට් මණ්ඩල අවසරය හිමිවී තවත් මාස එක හමාරක් පමණ ගත වූ බවද සඳහන් කරන ලදී ”
බිත්තර ආනයන කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ දැනට පවතින ඉහළම නිර්දේශයන් ඉල්ලා සිටින අතර ලෝකයේ බොහෝ රටවලට බිත්තර අපනයන කරන රාජ්‍යයක් වන ඉන්දියාවේ එම නිර්දේශ සම්පූර්ණ කර ඇත්තේ බිත්තර අපනයන සමාගම් තුනක් පමණක් බවද, ඒ අනුව මේ සතිය තුළදී පළමු බිත්තර තොගය ආනයනය කිරීමට හැකිවනු ඇතැයිද සඳහන් කරන ලදී.කර්මාන්ත සඳහා බිත්තර අවශ්යයතාවය සම්පූර්ණ කිරීම සඳහා බිත්තර
පවුඩර් හා පාස්චරිත කරන ලද දියර බිත්තර ආනයනය කිරීමටද අවසර ලබා දීමට සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.
පසුගියදා පුත්තලම මහකුඹුක්කඩවලල වල්පාලුව ප්‍රදේශයෙන් විනාශ කරන ලද බිත්තර තොගයක් සොයා ගත් අතර එම සිදුවීම පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ බිත්තර මිල ගණන් ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා මෙවැනි ක්‍රියා සිදුකරන බවට ගම්වාසීන් විසින් සඳහන් කළ බවත්, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අදාළ ස්ථානයට ගොස් විමර්ෂණයක් සිදු කර පොලිසියට පැමිණිල්ලක් යොමු කර ඒ පිළිබදව තවදුරටත් මේ වන විට පරීක්ෂණ සිදු වෙමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කරන ලදී.
පසුගිය කාළය පුරාවට පරිප්පු, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යය වල මිල ගණන් සැළකිය යුතු ලෙස පහළ ගිය අතර, රුපියලේ අගය ශක්තිමත් කරගනිමින්, මේ පවතින ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට පවත්වා ගනිමින් තවදුරටත් පාරිභෝගිකයා වෙත සහන ලබා දීමට හැකිවනු ඇතැයිද එළඹෙන උත්සව සමයේදී භාණ්ඩ මිල තවත් අඩුකිරීමට හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු සපයමින් සඳහන් කරන ලදී.
මෙම අවස්ථාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් අයි.එම්.පී.එම්.බී අතපත්තු, වෙළෙඳ අමාත්‍යාංශ අතිරේක ලේකම් හා වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් ගිල්මා දහනායක, වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ඇලෙක්සි ගුණසේකර හා කරුංකා අපනයනකරුවන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී විය.