ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැගිය හැකි බව ජාත්‍යන්තරය පිළිගෙන තිබෙනවා- ජනමාධ්‍ය රාජ්‍ය ඇමති

    මාර්තු 24, 2023

    ශ්‍රි ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැගිය හැකි රටක් බවට අද වන විට පත්ව තිබෙන බවත් ජාත්‍යන්තරය ද එය පිළිගෙන ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

    අයි.එම්.එෆ් සහනය සම්බන්ධව තුන්වැනි දිනටත් අද (24) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීරණයත් සමඟ අපේ රටේ ආර්ථිකය ප්‍රසාරණය වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
    ''ඇතැමුන් තමන්ගේ දේශපාලන පෞර්ෂය හදා ගන්න බොරු කියනවා.අපේ යම් එකගතාවයන් තිබෙනවා. එම එකගතාවල හරය තමයි මෙරට උද්ධමනය අඩු කිරිම. අද රට ගමන් කරන්නේ පැහැදිළි වැඩපිළිවෙළක් ඔස්සේයි.

    අරගලයේ විනාශය තවමත් ගණන් බලලා නැහැ. මොනතරම් දේපළ විනාශ කළාද? සී.ටී.බී එකේ බස් ගිනි තිබ්බද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මහ මගදී මරා දැම්මා. නිවාස 72ක් විනාශ කළා. තවදුරටත් මේ රටේ ජනතාවට පීඩනයෙන් ඉන්න දෙන්න අවශ්‍ය නැහැ. පරිණත භාවයත් එක්ක ඉදිරියට යන නායකයෙකුගේ අවශ්‍යතාවයක් තිබුණා.ඒකයි අපි ඡන්දේ දුන්නේ.

    රට ගොඩගන්න තිබෙන විකල්පය රනිල් වික්‍රමසිංහ බව අපි යෝජනා කළේ ඒකයි. අද ආණ්ඩු පක්ෂයේ සියළු දෙනා කොන්දේසි විරහිතව මෙම වැඩපිළිවෙළත් සමග ඉන්නේ රට වෙනුවෙන්.

    අද වන විට විදේශ ආයෝජකයෝ ලංකාවට එනවා.අපි පුළුවන් තරම් පුහුණු ශ්‍රමිකයින් විදේශ රැකියාවලට යවන් න ඕන. මේ අය ගියාම ඔවුන්ගේ පවුල් ශක්තිමත් වෙනවා වගේම රටේ ආර්ථිකයත් ශක්තිමත් වෙනවා යැයි කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya