ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සේවක සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම ප්‍රමුඛ කාර්යයක්

    මාර්තු 24, 2023

    ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සේවක සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම ප්‍රමුඛ කාර්යයක් බවත් විෂය භාර ඇමැතිවරයා ලෙස තමා ඒ සඳහා සිය ප්‍රමුඛතාවය ලබා දෙන බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දි පැවසීය.

     

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුමේ කොන්දේසි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවැති විවාදයේ තුන්වැනි දිනය වන අද (24) එම විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    කවුරුන් මෙය ගත්තද සේවක සුරක්ෂිතභාවය තහවුරු කරන බවට එකඟ විය යුතු බව හෙතෙම කීවේය.

    රජයට ව්‍යපාර කළ නොහැකි බවත් එහෙත් සමහරු පැරණි දේවල්වල එල්බ ගෙන ආණ්ඩුව එය කළ යුතුයැයි සිතන බවත් ඇමැතිවරයා කියා සිටියේය.

    අයි එම් එෆ් කොන්දේසි පිළිබඳව ස්වයංව කල්පනා කරමින් එම කටයුතු අධීක්ෂණය කිරීමේ වගකිමක් රජයට පැවරී ඇතැයිද හෙතෙම පැවසීය.

     

    ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

    මීට පෙර අන්තර් ජාතික මූල්‍ය අරමුදල මගින් අප වෙත පැන වූ නීති ගැන ඔවුන් මීට පෙර කිසි සොයා බැලීමක් කළේ නැහැ කියලා. අපිත් පිළිගන්නවා එහෙම කරන්න ඕන. ඒ කොන්දේසි වලට අනුව අපිම බලා කටයුතු කළ යුතුයි. පටු දේශපාලන මතිමතාන්තර ඔළුවේ තියාගෙන මිනිස්සු මැරිලා හරි අපිට බලයට පත් වෙන්න ඕන කියලා හිතන අය එක්ක මේ දේශපාලනය කරන්න බැහැ යනුවෙන්ද හෙතෙම ප්‍රකාශ කළේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya