ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය සහ කර්මාන්ත අතර සහයෝගීතාව දිරිමත් කෙරේ

    අප්‍රේල් 02, 2023

    ශාස්ත්‍රීය අංශය හා කර්මාන්ත අතර පරතරය පියවමින් තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීමේ අරමුණෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කළ ' MEZCLAR - 2023 ' වැඩසටහන පසුගිය ( මාර්තු 30 ) මැරීන් ඩ්‍රයිව්හි මරීනෝ බීච් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

    ' MEZCLAR - 2023 ' වැඩසටහන හරහා ශාස්ත්‍රීය දැනුම හා කර්මාන්ත අතර බැඳීම ශක්තිමත් කිරීම සහ දේශීය කර්මාන්තයන් නඟා සිටුවීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය සහ කර්මාන්ත අතර සහයෝගීතාව දිරිමත් කිරීමත් , එමගින් රටේ සංවර්ධනයට ගාමක බලයක් සැපයීමත් ඔවුන්ගේ ප්‍රධාන අරමුණු අතර විය.

    ඒ වෙනුවෙන් එම ඉංජිනේරු පීඨයේ හැකියාවන් සහ පුහුණු වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීම් මූලිකව සිදුකෙරුණු අතර කර්මාන්ත හා ශාස්ත්‍රීය අංශය සමඟ තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කරන ප්‍රතිපත්ති සම්පාදනය කිරීම පිළිබඳවත්, විශ්ව විද්‍යාලය සහ කර්මාන්ත අතර සහයෝගීතාවය උත්තේජනය කරමින් අනාගතයේ දී කර්මාන්ත නඟා සිටුවීමට යන තරුණ උපාධිධාරීන්ට වැඩි අවස්ථා නිර්මාණය කිරීමට ඇති හැකියාව පිළිබඳවත්, කතිකා කෙරිණි.

    මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් සුභසිංහ, ආචාර්ය උදය විජේනායක , ආචාර්ය සම්පත් එදිරිසිංහ ඇතුළු විශ්ව විද්‍යාලයීය විද්වතුන් මෙන්ම කෘෂිකර්ම, ඉදිකිරීම්, සෞඛ්‍ය සේවා, නැව්ගත කිරීම, රෙදිපිළි, විදුලි සංදේශ, සංචාරක , තොරතුරු තාක්ෂණය ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල ප්‍රමුඛ කර්මාන්ත ආයතන නියෝජනය කරමින් ඉහළ නිලතල දරන සම්භාවනීයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya