ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලාංකික තරුණයන් සදහා දකුණු කොරියා‍ව් රැකියා අවස්ථා වැඩිවශයෙන් ලබා දෙනවා

    අප්‍රේල් 05, 2023

    ශ්‍රී ලාංකික තරුණයන් සදහා දකුණු කොරියා‍ව් රැකියා අවස්ථා වැඩිවශයෙන් ලබා දෙනවා - දකුණු කොරියානු ප්‍රකට සමාගමක ප්‍රධානීහූ නියෝජ්‍ය කථානායකවරයා හමුවෙමින් පවසති

    දකුණු කොරියාවේ රැකියා අවස්ථා වැඩිවශයෙන් ශ්‍රී ලාංකික තරුණයන්ට ලබා දීමට අපේක්ෂා කරන බව ප්‍රකට දකුණු කොරියානු සමාගමක් වන ‘හුන්ඩායි’ (Hyundai) සමාගමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමුවෙමින් අද (04) පැවසීය.

    දකුණු කොරියානු රැකියා සදහා ශ්‍රී ලාංකික තරුණයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ, ඊට අදාළ පුහුණුව ඇතුළු කටයුතු සොයා බැලීමට, මෙරටට පැමිණි හුන්ඩායි නැවි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) කිම් බොයොන්ග් බෝ (Kim Byong Boo) මහතා ඇතුළු නියෝජිත පිරිසක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා (04) පාර්ලිමේන්තුවේදී හමුවූ අවස්ථාවේදී මේ බව සදහන් කළහ.

    මෙරට තරුණයන් ඉහළ නිපුණත්වයකින් යුතු බවත්, පුහුණුව ලැබූ ශ්‍රී ලාංකේය තරුණයන් වැඩි වශයෙන් එරට රැකියා සදහා ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් මෙම නියෝජිත පිරිස පැවසූහ. විශේෂයෙන් මෙම ශ්‍රමිකයන් යහපත් ගුණාංගයන්ගෙන් හෙබි විනයගරුක තරුණයන් වීම වැදගත් බව ද ඔවුහු අවධාරණය කළහ. රජය මැදිහත් වී නිසි වෘත්තීය පුහුණුවක් මෙරට තුළදී ලබා දීමත් ප්‍රමාදයකින් තොරව හැකිතාක් කඩිනමින් පුහුණු ශ්‍රමිකයන් දකුණු කොරියාවට යොමු කිරීමේ අවශ්‍යතාවත් ඔවුහු පෙන්වා දුන්හ. එසේම මෙරට ශ්‍රමිකයන්ගේ පහසුකම් සහ ආරක්ෂාව උපරිම වශයෙන් ලබා දෙන බවට ද සහතික විය.

    මේ අනුව නෞකා ඉදිකිරීම් හා අලුත්වැඩියාව, විදුලි කාර්මික , වෑල්ඩින් ආදී ක්ෂේත්‍රවල පුහුණු ශ්‍රමිකයන් සදහා ඉහළ ඉල්ලුමක් පවතින බවත් ඔවුන්ට ඉහළ වැටුප් හිමිවන බව ද නියෝජිත පිරිස මෙහිදී කරුණු දැක්වූහ.

    මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර සිටියේ පුහුණු ශ්‍රමිකයන් සදහා මෙරට අංගසම්පූර්ණ පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරී‍ම සදහා අනුග්‍රහයක් ලබා දෙන ලෙසයි. වෘත්තීය නිපුණත්වයට අමතරව මේ හරහා කොරියානු භාෂාව, සංස්කෘතිය යනාදිය පිළිබදව අවබෝධයක්ද ලබා දීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා පැවසීය. ඒ සදහා කැමැත්ත පළ කළ නියෝජිත පිරිස පෙන්වා දුන්නේ මෙරට දක්ෂ තරුණයන්ට තවදුරටත් දකුණු කොරියාවේ රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබා දීමට අපේක්ෂා කරන බවයි.
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ සහ සම්පත් අතුකෝරළ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya