ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ලොවට රැගෙන යෑමට නව වෙබ් අඩවියක්

    අප්‍රේල් 10, 2023

    ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කුළුබඩු නිෂ්පාදකයන්ගේ ගුණාත්මක නිෂ්පාදන දේශීය මෙන්ම විදේශීය වෙළඳපළ වෙත ගෙනයාමේ අරමුණ ඇතිව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය විසින්, www.spicelk.com වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ පළමු කුළුබඩු ආශ්‍රිත නිල වෙබ් අඩවිය පසුගිය (07) දා එළි දැක්විණි.

    මෙම නව වෙන් අඩවිය මගින් මාර්ගගත ක්‍රමය හරහා (Online) ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයකට කුළුබඩු නිෂ්පාදන ගෙන්වා ගැනීමේ හැකියාව ලැබෙන අතර ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඉතා ඉක්මනින් එම කුළුබඩු නිෂ්පාදන ඇනවුම් කරන පාරිභෝගිකයින්ගේ අතටම ලබාදීම සිදුකරනු ලබයි. එමෙන්ම මෙම නව වෙබ් අඩවිය තුළ ශ්‍රී ලංකාවේ දේශීය කුළුබඩු පිළිබඳ තොරතුරු මෙන්ම කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන අළෙවිසැල් 24 පිළිබඳව තොරතුරුද අන්තර්ගත වෙයි. එයට අමතරව ඉදිරියේදී විදෙස්ගත ගැණුම්කරුවන්ටද මෙම නව වෙබ් අඩවිය තුළින් කුළුබඩු නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව සලසාදීමට කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය සැලසුම් කොට තිබෙයි.

    මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය සහාපතිනි කුමුදුනී ගුණසේකර, කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය ප්‍රධාන විධායක අධ්‍යක්ෂ මහේෂ් ගුණරත්න ඇතුළු ආයතනික කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya