ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    කර්මාන්ත ක්ෂේත්‍රය තුළ සැපයුම් හා ද්‍රව්‍ය කළමණාකරණය පිළිබද අවබෝධතා ගිවිසුමක්

    අප්‍රේල් 12, 2023

    සැපයුම් හා ද්‍රව්‍ය කළමණාකරණ ආයතනයේ (ISMM) හා කර්මාන්ත ක්ෂේත්‍රය තුළ සැපයුම් හා ද්‍රව්‍ය කළමණාකරණය පිළිබද අවබෝධතා ගිවිසුමකට කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා (11) අවබෝධතා ගිවිසුමකට එක් විණි.

    මෙහිදි අදහස් දැක් වු අමාත්‍යවරයා සඳහන් කළේ,ක්ෂුද්‍ර, සුළු ,මහා පරිමාණ කර්මාන්ත ඉදිරියට ගෙන යාමේ දි කර්මාන්ත වල සැපයුම් දාම කළමනාකරණය අත්‍යවශ්‍ය අංගයක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.මෙවැනි වැඩසටහන් දියත් කිරිම සම්බන්ධයෙන් හා සැපයුම් ද්‍රව්‍ය කලමණාකරණ ආයතනයට අමාත්‍යවරයා ස්තුතිය පිරිනැමිණි.

    එහිදි කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම හා සැපයුම් ද්‍රව්‍ය කලමණාකරණ ආයතනයේ සභාපති ජයන්ත ගාල්ලහේවා යන මහත්වරුන් විසින් අත්සන් කරන ලද එම අවබෝධතා ගිවිසුම මගින් කර්මාන්ත ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සැපයුම්දාම කළමනාකරණය කිරිම සඳහා මුලික ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරිමට සැලසුම් කොට තිබේ.එමෙන්ම කර්මාන්ත ශාලා තුල සැපයුම් ජාල ක්‍රියාවලිය කාර්යක්ෂම හා ශක්තිමත් කිරිමට මෙම අවබෝධතා ගිවිසුම ක්‍රියාවට නැංවිම තුලින් හැකියාව ලැබෙනු ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya