ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    උත්සව සමයේ ව්‍යාජ මුදල් පිළිබඳව විමසිලිමත් වන්න - පොලීසිය

    අප්‍රේල් 13, 2023

    උත්සව සමයේ ව්‍යාජ මුදල් සංසරණය විය හැකි බැවින් මුදල් පරිහරණය කිරිමේදී ඒ පිළිබඳව විමසිලිමත් වන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

    ජාවාරම්කරුවන් උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු වෙළෙඳපලට එක්කිරීමට උත්සාහ දරන බවට තොරතුරු ලැබි ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිී නිහාල් තල්දුව මහතා කියයි.

    උත්සව සමයේ ප්‍රධාන නගරවල රථවාහන නවතා තැබීමේදි සැලකිලිමත් වන්නැයි ද පොලිසිය ජනතාවට දැනුම් දෙයි.
    අවිධිමත් ලෙස රථවාහන නතර කර තැබීම හේතුවෙන් පසුගිය දිනවල ප්‍රධාන නගර ආශ්‍රිතව දැඩි වාහන තදබදයක් දක්නට ලැබිණි. අවිධිමිත් ලෙස වාහන නතර කර තබන රියැදුරන්ට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කෙරේ.

    අලුත් අවුරුදු උත්සව සංවිධාන කිරිමේදි ආරක්ෂාව කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරන්නැයිද පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. අවුරුදු උත්සව හා සංගීත ප්‍රසංග සංවිධාන කිරිමේදි අදාල ප්‍රදේශයේ පොලිසිය දැනුවත් කළ යුතුය. අවුරුදු වෙළෙඳ ප්‍රදර්ශන සංවිධාන කිරිමේදි පොලිසියේ සහාය ගන්නැයි ඉල්ලීමක් කෙරේ. රෙදිපිළි හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට ජනාකිර්ණ ස්ථාන වෙත යාමේදි ගැටකපන්නන් හා සොරුන්ගෙන් ප්‍රවේශම් වන ලෙසද පොලිසිය ජනතාවට දැනුම් දෙයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya