ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් පැළ රෝපණය කිරීමේ නැකත අප්‍රේල් මස 20 වැනි දින

    අප්‍රේල් 14, 2023

    සිංහල හා දමළ අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් පැළ රෝපණය කිරීමේ නැකත අප්‍රේල් මස 20 වැනි දින පෙරවරු 6.38ට යෙදී තිබේ.

    එම නැකැත් චාරිත්‍රය අනුව ඵලයක් ලබාදෙන පැළයක් රෝපණය කිරීම සඳහා මෙවර කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රමුඛත්වය ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී (11) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙවර ජාතික පැළ රෝපණය කිරීමේ නැකතට ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුලු රාජ්‍ය නිලධාරීන් සහභාගී වන බව හෙතෙම පැවසීය.


    එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා සියලු පළාත් කෘෂිකර්ම ආයතන සියල්ලම මේ සඳහා දායක කර ගැනීමට නියමිතය.


    පැළ රෝපණය කිරීමේ නැකත 20 දින පෙරවරු 6.38ට යෙදී තිබුනද දවස පුරා පැළ රෝපණය කළ හැකි බවත්, ගෙවතුවල පැළ රෝපණය කිරීමේ දී ඵලයක් ලබා දෙන පැළයක් රෝපණය කිරීම සඳහා පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලිමක් කළේය.


    මෙහිදී අදහස් පළ කළ අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් නැකතට පැළයක් සිටුවීමේ චාරිත්‍රය ඉටු කිරීම සඳහා අවශ්‍ය පියවර මේ වනවිට ගෙන ඇති බව සඳහන් කළේය. ඒ අනුව සියලුම කෘපනිස හා සංවර්ධන නිලධාරින් ඇතුලු සමස්ත කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් නිලධාරින් සියලු දෙනා සහභාගි කර ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya