ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    යල කන්නය සාර්ථක කර ගැනීමට රජයෙන් සහන - කෘෂි ඇමති කියයි

    අප්‍රේල් 25, 2023

    ඉදිරි යල කන්නය සාර්ථක කරගැනීමට සහන රජය විසින් ලබා දී ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී අද (25) ප්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    යල කන්නය වගා කරන ගොවියකුට හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 20000ක සහ හෙක්ටයාර් දෙකක් වගා කරන ගොවියකුට රුපියල් 40000 බැගින් මූල්‍ය සහනයක් ලබාදෙන බව හෙතෙම සඳහන් කළේය.රජය ලබාදෙන මූල්‍ය සහනයෙන් ගොවීන්ට රසායනික හෝ කාබනික පොහොර ලබාගත හැකි බවත් ඊට කිසිඳු බාධාවක් නොමැති බවත් ඇමැතිවරයා කියා සිටියේය.

    ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

    කාබනික පොහොර කියන දේ හොඳ දෙයක් මිසක් නරක දෙයක් නෙවෙයි. එක සැරේ ක්‍රියාත්මක කරන්න ගිහින් අසාර්ථක උනා. ඉන් ගොවීන් පීඩාවට පත් වුණා. එම නිසා අපි කිසිම දෙයක් බලෙන් දෙන්නේ නැහැ. ගිය මහ කන්නයේ වැඩ කළ ගොවීන්ට මේ යල කන්නයේ වැඩ කරන සියලුම ගොවීන්ට මඩ පොහොර නොමිලේ දෙනවා. සත පහක්වත් අය කරන්නේ නැහැ. 18500 ගානේ යූරියා ගෙනත් තිබුණත් එකත් සහන මිලට ලබාදීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරනවා. 19500 ගෙනා බණ්ඩි පොහොර 15000 මිලට මේ කන්නයේ ලබාදෙන්න කටයුතු කරනවා. මෙතෙක් තිබුණට වැඩි සහන ප්‍රමාණයක් ගොවීන්ට ලැබෙනවා. පොහොර සහනාධාර සඳහා රුපියල් මිලියන 59,000ක් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය වෙන්කර තිබෙනවා .හෙක්ටයාරයක් සඳහා රුපියල් 20000ක් සහ හෙක්ටයාර් දෙකක් වගා කරනව නම් 40000ක් ලෙස මූල්‍ය සහනයක් ගොවීන් වෙත ලබා දෙනවා. ගොවි මහත්වරුන්ට පුළුවන් කැමැති පොහොරක් ගන්න. රසායනික කැමැති නම් රසායනික, කාබනික කැමැති නම් කාබනික පොහොර ගන්න පුළුවන්. බල කිරීමක් කරන්නේ නැහැ. ඉදිරි යල කන්නය සාර්ථක කරගැනීමට අවශ්‍ය සහන රජය විසින් ලබා දී තිබෙනවා'' යැයි කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya