ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    මෙරට බහුතර අවිහිංසක දරුවන්ගේ ජීවිත උදුරා නොගෙන වෘත්තීය අරගල පසෙකලා මානව දයාවෙන් යුතුව ක්‍රියා කරන්න - කැබිනට් ප්‍රකාශක

    මැයි 03, 2023

    මෙරට බහුතර අවිහිංසක දරුවන්ගේ ජීවිත උදුරා නොගෙන වෘත්තීය අරගල පසෙකලා මානව දයාවෙන් යුතුව මෙම අවස්ථාවේ ක්‍රියා කළ යුතු බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මෙතෙක් උසස් පෙළ ප්‍රශ්නපත්‍ර නොබැලීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර වශයෙනි.

    ණය අර්බුදය හමුවේ මෙරට රාජ්‍ය සේවකයන් ඇතුළු ජනතාව මේ අවස්ථාවේ විශාල කැපකිරීමක් සිදුකර ඇතැයිද උසස් බුද්ධිමත් විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු සියලුදෙනා ආර්ථික විද්‍යාත්මක අවබෝධයක් ඇතිනම් මෙම අවස්ථාවේ එක් පාර්ශවයකට පමණක් සහන සැලසිය නොහැකි බව අවබෝධ කරගත යුතු යැයිද පැවසුවේය.

    මෙම ප්‍රශ්න පත්‍ර ගැටලුවෙන් අවිහිංසක දූ දරුවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගනිමින් වෘත්තීයමය අරගලයක නිරතවීම බුද්ධිමත් ආචාර්ය මහාචාර්යවරුන්ට තරම් නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    අද රටේ මේ වන විට නිදහස් අධ්‍යාපනය පිළිබඳ විශ්වාසනීය භාවය බරපතල ලෙස නායයාම හේතුවෙන් ඇති හැකි අයගේ ඉංග්‍රීසි කතා කළ හැකි බොහෝ දෙනෙකු තම දරුවන්ට මෙරට අධ්‍යාපනය ලබාදෙන්නේ සාමාන්‍ය පෙළ දක්වා පමණක් යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

    සති අන්ත ඉංග්‍රීසි පුවත්පත් වල සාමාන්‍යපෙළින් පසු ඩිප්ලෝමා සහ විශ්ව විද්‍යාල වලට ප්‍රවේශ වීමේ අවස්ථා බොහෝමයක් ඇතැයි කියාසිටි අමාත්‍යවරයා ලංකාවේ නාගරික පන්තියේ දෙමාපියන් වැඩිදෙනෙකු සිය දරුවන්ට සාමාන්‍යපෙළින් පසු උසස් අධ්‍යාපනය සදහා පිටරට උපාධි හැදෑරීමට සිය දේපළ උකස් කර හෝ අවස්ථා සලසා දෙන බවද සඳහන් කළේය.

    මෙවැනි දරුවන්ට ගැටලුවක් නොමැති වුවද සාමාන්‍ය දරුවන්ට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ලියූවද ඔවුන්ගේ පිළිතුරු පත්‍ර නොබලමින් වසර තුන හතරක් ඔවුන්ගේ ජීවිත විනාශය කරා රැගෙන යන බවද එය සාධාරණ නොවන බවද අවධාරණය කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya