ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    වසර 12කට පසු මෙරට ඩෙංගු 03 වෛරසය ව්‍යාප්ත වෙයි..

    මැයි 03, 2023

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය විසින් කරන ලද පරීක්ෂණ අනූව මේ වන ඩෙංගු 03 වෛරස් කාණ්ඩය මෙරට ප්‍රමුඛ වී ව්‍යාප්ත වන බව ඔවුන් සහතික කර ඇතැයි ද  මෙය වසර 12ක් තුළ මෙරට නොතිබුණු වෛරස් කාණ්ඩයක් බවද කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.

    ඊයේ (02) මාධ්‍යයට  අදහස් දක්වමින් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මේ බව පැවසුවේය.

    මේ වන විට මෙයට විරුද්ධව අපගේ ශරීරයේ ප්‍රතිශක්තියක් සහ ප්‍රතිදේහ නොමැති බව කියාසිටි වෛද්‍ය රුවන් විජයමුණි මහතා මේ හේතුවෙන්  මෙම රෝගය පැතිර යාමේ අවධානමක් ඇතැයිද  අවධාරණය කළේය.

    කුමන හේතුවක් නිසා හෝ උණ තත්ත්වයක් පවතී නම් අනිවාර්යයෙන්ම දෙවනි දවසේදී පූර්ණ රුධිර පරීක්ෂාවක් (Full Blood Count) කරගන්නා ලෙසද, සෑම පැය 12කටම වරක් පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදුකරමින් රෝගියා අධීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    පූර්ණ රුධිර පරීක්ෂාවේ (Full Blood Count) අගය යම් ප්‍රමාණයකට අඩුවේ නම් අනිවාර්යයෙන් රෝහල්ගත විය යුතු බවද වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya