ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    ජාතික වනජීවී පර්යේෂණ හා පුහුණු කේන්ද්‍රය නවීකරණය කිරිමෙන් පසුව විවෘත කිරිම අද

    මැයි 04, 2023

    පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ මුල්‍ය අයෝජනයක් (ESCAMP) ලෙස නවීකරණය කරන ලද ජාතික වනජීවී පර්යේෂණ හා පුහුණු කේන්ද්‍රයේ පර්යේෂණාගාර සංකීර්ණය,නේවාසිකාගාරය සහ දේශනාගාරය වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමතිනි නිතිඥ පවිත්‍රා වන්නිආරච්චි  මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(04) විවෘත කිරීමට නියමිතය.

    ශ්‍රී ලංකාවේ තිරසර වනජීවී සංරක්ෂණය උදෙසා මානව සම්පත සංවර්ධනය කිරිම පිණිස ගිරිතලේ පිහිටි ජාතික වනජීවී පරික්ෂණ හා පුහුණු කේන්ද්‍රය  නවීකරණය කිරිමට කටයුතු කෙරිණි.

    නවීකරණය කරන ලද දේශනාගාර සංකිර්ණය නව තාක්ෂණ පහසුකම් සහිත දේශනාගාර 05කින් සමන්විත වන අතර එහි එකවර 200 දෙනෙකුට පමණ දේශන වලට සහභාගි වීමේ පහසුකම් සැලසීමේ හැකියාව ඇත. එසේම එය 40 දෙනෙකුට පමණ එකවර සහභාගි විය හැකි නවීන ශ්‍රවණාගාරයකින්ද සමන්විත වේ .නවීන පහසුකම් වලින් යුත් පර්යේෂණාගාර සංකීර්ණය උද්භිද විද්‍යාගාරයකින්ද, සත්ව විද්‍යාගාරයකින්ද, චර්මපරිකර්ම  විද්‍යාගාරයකින් සහ වෝහාරික විද්‍යාගාරයක්  ඇතුළු පර්යේෂණාගාර රැසකින් සමන්විත වේ.

    එහි පර්යේෂකයින් සඳහා අවශ්‍ය පර්යේෂණ කාමර ඇතුළු පහසුකම් රැසක්ද ස්ථාපිත කර ඇත.සියළු පහසුකම් වලින් සමන්විත නේවාසිකාගාරයේ සිසුන් 80 දෙනෙකුට පමණ නවාතැන් ලබාගත හැකි පරිදි පහසුකම් සලසා තිබේ.

    වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍ර හේරත් මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරින්ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරියබණ්ඩාර මහතා ඇතුළු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ  නිලධාරින් රැසක්ද නවීකරණය කරන ලද ජාතික වනජීවී පර්යේෂණ හා පුහුණු කේන්ද්‍රය විවෘත කිරිමේ අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

    ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත් රැක ගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වඩාත් කාර්යක්ෂම කාර්ය මණ්ඩලයක් බිහිකිරිමේ අරමුණ ඇතිව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු සංවිධානය  (USAID) මගින් ලබාදෙන මුල්‍ය ආධාර පදනම් කරගෙන මහවැලි පරිසර ව්‍යාපෘතිය මගින් ගිරිතලේ වැව ආශ්‍රිතව ඉතා මනස්කාන්ත පරිසරයක 1992 මාර්තු මාසයේදි ගිරිතලේ වනජීවී පුහුණු කේන්ද්‍රය ආරම්භ කරන ලදි.

    මෙම ආයතනය මගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සංවර්ධනය අරමුණු කරගෙන වනජීවී ක්ෂේත්‍ර නිලධාරින්ගේ දැනුම කුසලතා හා ආකල්ප වර්ධනය වන ආකාරයේ පුහුණු වැඩසටහන් රාශියක් වසර පුරා ක්‍රියාත්මක කරනු ලැබේ.

    ගිරිතලේ වනජීවී පුහුණු කේන්ද්‍රය මගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර කාර්යමණ්ඩලයේ සියළුම ශ්‍රේණින් ඉලක්ක කොටගෙන දිගුකාලීන පාඨමාලා 03ක් සහ කෙටිකාලීන පාඨමාලා පවත්වනු ලබයි.දිගුකාලීන පාඨමාලා ලෙස ඩිප්ලෝමා පාඨමාලාවද,ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර පාඨමාලාව සහ කණිෂ්ඨ සහතික පත්‍ර පාඨමාලා වශයෙන් පාඨමාලා පවත්වනු ලබන අතර ඉදිරියේදි මෙම පාඨමාලා ජ්‍යාතයන්තර මට්ටමින් පවත්වමින් ජාතික වනජීවී පර්යේෂණ හා පුහුණු කේන්ද්‍රය ජාත්‍යාන්තර  මට්ටමට උසස් කිරිමටත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya