ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    මැයි 04, 2023

     දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි

    බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර, යාපනය, කිලිනොච්චි, මන්නාරම සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

    නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    දිවයින ආශ්‍රිත මුහුදු ප්‍රදේශ සඳහා

    මැයි මස 06 දින සිට ගිනිකොණදිගබෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya