ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    වෙසක් සතිය අරඹමින් පළමු වරට ඩ්‍රෝන යාත්‍රා භාවිතා කරමින් ආසිරි මල් ඉසියි

    මැයි 04, 2023

    වෙසක් සතිය අරඹමින් බෞද්ධ කොඩිය ඔසවද්දී ලොව පළමු වරට ඩ්‍රෝන යාත්‍රා භාවිතා කරමින් ආසිරි මල් ඉසියි.

    ලොවට බෞද්ධ කොඩිය හඳුන්වා දුන් කොළඹ කොටහේන දීපදුප්තමාරාම විහාරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බෞද්ධ ධජය ඔසවමින් 2567 වන ජාතික වෙසක් සතිය 2023.05.02 දින ආරම්භ කරන අවස්ථාව අලංකාරවත් කරමින්,ලොව පළමු වරට ඩ්‍රෝන යාත්‍රා භාවිතා කරමින් ආසිරි මල් ඉසීමද සිදු කෙරුණී.

    මෙම ඩ්‍රෝන යාත්‍රා මෙහෙයවීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉතා සාර්ථකව සිදු කළ අතර මෙම සංකල්පය හඳුන්වාදීම සහ දුරස්ථ තාක්ෂණ උපදේශකත්වය කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා විසින් සිදුකරනු ලැබුවේ කොළඹ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ඉල්ලීම පරිදි ය.

     

    මෙම අවස්ථාවට මහා සංඝරත්නය, තායිලන්ත තානාපති, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, කොළඹ මහ නගර සභා කොමසාරිස්, කොළඹ දිස්ත්‍රික්ක ලේකම් ඇතුළු විශාල පිරිසක් එක්වූහ .

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya