ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    ගොවීන්ගෙන් 95%ක් මහ කන්නයේ පොහොර මිලදී ගෙන නැහැ - කෘෂිකර්ම ආමත්‍යංශය

    මැයි 07, 2023

    පසුගිය මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ජනතාවට ලබා දුන් මුදල්වලින් පොහොර මිල දී ගැනීමට කටයුතු  කර තිබෙන්නේ ගොවීන්ගෙන්සියයට 05ක් පමණක් බව හෙළි වී තිබේ.

    2022/23 මහ කන්නයේ දී බන්ඩි පොහොර මිල දී ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් බිලියන 08ක මුදලක් රජයට ලබා දුන් අතර එම මුදල්ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව  ගොවි ජනතාවගේ ගිණුම්වලටම මුදල් බැර කිරීමට කටයුතු කර ඇත.

     හෙක්ටෙයාර් එකක් සඳහා රුපියල් 10,000ක් බැගින් හා හෙක්ටෙයාර් 02ක් සඳහා රුපියල් 20,000ක් වශයෙන් ලබා දුන් එම මුදල්වලින් බන්ඩි පොහොරමිල දී ගැනීම සඳහා කටයුතු කර තිබෙන්නේ ගොවීන් සියයට 05ක් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදාපැවති  සාකච්ඡාවක දී අනාවරණය වී තිබේ.

    කෘෂිකර්ම අමාත්‍යාංශය  බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ආනයනය කළ ද ගොවීන් ඉන් මිල දී ගෙන තිබෙන්නේ සමස්ත ප්‍රමාණයෙන් සියයට 05ක්පමණක් බව රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරුන් මෙහිදී කරුණු ඉදිරිපත් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya