ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩියක් නිහඬ වෙයි

    මැයි 09, 2023

    පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා මහතා ඝාතනයට ලක්ව වසරක් පිරීම නිමිත්තෙන් අද පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඩතාවයක් පැවැත් විණි.

    පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලන්සා මහතාගේ ඉල්ලීමකට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද අනුකූලතාවය දැක්වීමෙන් පසුව මෙම නිහඬතාවය පළ කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත් වූනිසා අද ප්‍රජාත්‍රන්තවාදය ආරක්ෂා වී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද(09) පාරලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පසුගිය වසරේ මැයි 09 සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ''මැයි 9 වූ සිද්ධිය දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව සිතා මතා වූ සිද්ධි මාලාවක් . මන්ත්‍රීවරයෙක්ව මරා දැම්මා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සිදු වූ දේ පිළිබඳව ඔබතුමන්ලා ලැජ්ජා විය යුතුයි. එදා පාර්ලිමේන්තුව ගිනි තිබ්බා නම් අද ප්‍රජාත්‍රන්තවාදයක් නැහැ. මොවුන් එදා බලාපොරොත්තු වුණේ අරගලය හරහා බලයට එන්න.''

    මෙම අවස්ථාවේදී අදහස් දැක් වූ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ, ආරක්ෂක අංශ වල මැදිහත් වීම නිසා මැයි 09 වනදා මහා විනාශයක් වලක්වා ගැනීමට හැකි වූ බවයි.වැඩිදුරටත් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ, ''පසුගිය වසරේ මැයි 9 වන දා මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වල ලැයිස්තුවක් හදලා සූදානම් වෙලා කටයුතු කළා. එදා මන්ත්‍රීවරු 100ට වැඩි පිරිසකගේ ගෙවල් ගිනි බත් වුණා. නමුත් ඊට පසු දිනත් තවත් මන්ත්‍රීවරු ලැයිස්තුවකගේ නම් ලැයිස්තුවක් හදාගෙන හිටියා. එතන හිටියේ විපක්ෂ මන්ත්‍රීවරන්ගේ ගෙවල්.ඒ වෙලාවේ ආරක්ෂක ලේකම්ට කතා කරලා නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කළා.නමුත් වෙඩි තැබීම් 03ක් සිදු කළා. ඒ වෙඩි තැබීම් සිදු නොකළා නම් තමුන්නාන්සේලාගේ ගෙවලුත් ගිනි ගන්නවා
    ආරක්ෂක ලේකම්වරයාට කතා කරලා වෙන්න ගිය මහා විනාශයක් වලකා ගන්න හැකි වුණා'' යැයි අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya