ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    මුදල් කාරක සභාවේ සභාපතිධූරය විපක්ෂයට ලබාදෙනවා - ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක

    මැයි 09, 2023

    මුදල් කාරක සභාවේ සභාපතිධූරය එකගතාවයෙන් යුතුව විපක්ෂයට ලබාදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවමින් අදාළ තනතුර පත්කිරීමට ආණ්ඩුව බළාපොරොත්තු නොවන බවද හෙතෙම සඳහන් කළේය.

    විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට අද ( 9) පිලි‍තුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ  මුදල් කාරක සභාවේ සභාපතිවරයා විපක්ෂයෙන් පත්කළ යුතු බව ස්ථාවර නියෝග වල පැහැදිලි කර තිබෙන බවයි.

    මෙම  පත්කිරීම කරන්නේ තේරීම් කමිටුව හරහා. තේරීම් කමිටුව මයන්ත දිසානායක මහතාගේ නම යෝජනා කරලා එතුමා එය භාර ගැනීමටත් කටයුතු කළා. නමුත් එතුමට සිදුකළ තර්ජන හා ඉල්ලීම් හමුවේ එතුමා අස්වුණා. පසුව තමයි ප්‍රෝටන් සභාපති කෙනෙක් පත්කරලා මේ කටයුතු සිදු කරන්නේ. සභානායකතුමා ආවට පසුව අපට තේරීම් කමිටුව තියන්න පුළුවන්. එකතගාවයෙන් අපි එය විපක්ෂයට ලබා දෙනවා. ස්ථාවර නියෝග අත්හිටුවලා අපි ඒකට පත් කරන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. එය ලබා දෙන්න සුදානම් ගරු කතානායකතුමනි, එතුමා පිළිගන්නවා ගරු ජනාධිපතිතුමා මේවන තෙක් ගත්ත තීන්දු හොද පියවරවල් කියලා. ඒක රටම පිළිගන්න කතාවක්. මයන්ත දිසානායක මහතා ඔබතුමාට දුරකතනයෙන කතා කරලා මේක භාර ගන්නවා කියලා කිවුවට පස්සේ තමයි හතුමා නම් කලේ. මං එම කමිටුවේ ඉන්න නිසා මට හොදට මතකයි ඒක. අපි සාකච්ඡා කළ පරිදි කමිටුවල සභාපතිකම් විපක්ෂයට ලබා දෙන්න මේ වන විට කටයුතු කරලා තිබෙනවා. ජනාධිපතිතුමා, අගමැතිතුමා ඒ සදහා අවශ්‍ය අනුමැතිය ලබා දුන්නා. මේ කාරණය තේරීම් කමිටුවේදී ගත යුතු දෙයක්. මැයි 9 වනදා සිද්ධිය ගැන ඔබතුමන්ලා තර්ජනය කරනවා නම් මං කියනවා ඒ කාලකණ්නි කියලා. ඔබතුමන්ලත් ඒකට සහය දුන්නා නම් ඔබතුමන්ලත් කාලකණ්නි. බුරියානි කන්න දීපු අය තර්ජනය කරනවා නම් ඒකට අපි ආණ්ඩුවක් ලෙස මුහුණ දෙන්න සුදානම්. කතානායකතුමනි, මන්ත්‍රී කෙනෙක් මරලා විනෝද වෙන විපක්ෂයක් ඉන්නේ. අද ඇවිත් මුදල් කාරක සභාපතිකම් ගැන කතා කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya