ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික සොයා ගැනීම් හා පර්යේෂණ සංවර්ධනය වෙනුවෙන් නව පනතක් හඳුන්වා දෙනවා - තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය

    මැයි 10, 2023

    ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික සොයා ගැනීම් හා පර්යේෂණ සංවර්ධනය වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට අපේක්ෂා කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි.

    ඒ මහතා මේ බව කියා සිටියේ, (08) පෙරවරුවේ මරදාන ට්‍රේස් සංකීර්ණයේ පිහිටි වේගා ඉනෝවේෂන් සමාගමේ නිරීක්ෂණ සංචාරයකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    මෙහිදී කනක හේරත් මහතා, විසින් වේගා ඉනෝවේෂන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා සමඟ මෙරට තාක්ෂණික අංශයේ නව නිපැයුම් පිළිබඳව සහ ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කෙරිණි.
    නිරීක්ෂණ සංචාරයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ කනක හේරත් මහතා කියා සිටියේ නව සොයා ගැනීම් සඳහා අවශ්‍ය පහසුකම් වැඩි දිව්නු කර ඊට පවතින අවස්ථාවන් රට තුළ පුළුල් කළ යුතු බවයි. අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ අභිලාෂය වන්නේ ඩිජිටල් ආර්ථිකය ක් සඳහා රට මෙහය වීමයි.
    ඒ සඳහා නවීන තාක්ෂණය සහිත නව නිපැයුම් වෙත ගමන් කළ යුතු බවත් පෙන්වා දුන් හේරත් මහතා, එහිදී තාක්ෂණික අංශයේ පර්යේෂණ ප්‍රධාන වන බවද කීය.

    එමෙන්ම, කෘතිම බුද්ධිය (Artificial Intelligence) භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ගෙන් සමන්විත ජයාධිපති කර්‍ය සාධක බලකායක් නම් කර ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන ලෙසත්, ඒ පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් කඩිනමින් සකස් කරන ලෙසත් ජනාධිපති තුමා තාක්ෂණ අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙන බව ද කනක හේරත් මහතා කීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා;

    " අපේ රටේ පර්යේෂණ සහ සංවර්ධනය වෙනුවෙන් වෙනම පනතක් ස්ථාපිත කර නැහ. ඒ සඳහා තාක්ෂණ අමාත්‍යාංශය වශයෙන් අපි ඉදිරියේ දී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් රටේ තිබෙන පර්යේෂණ හා සංවර්ධනය සඳහා වැඩි අවස්ථාවක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ට මෙන්ම අනෙකුත් පර්යේෂකයන්ට ඒ අවස්ථාව උදාකර දෙන්න බලාපොරොත්තු වෙනවා. වේගා ආයතනයේ නිෂ්පාදන මේ වෙනුවෙන් ඉතාම වැදගත් වෙනවා. පර්යේෂණ කටයුතු වෙනුවෙන් මෙය ඉතාම වැදගත්. වේගා ආයතනය ගෙන යන වැඩපිලිවෙල අගය කරනවා. රජයක් වශයෙන් මේ ආයතනය සඳහා ලබාදෙන්න පුළුවන් සහයෝගය උපරිමයෙන් ලබාදෙන්න පියවර ගන්නවා. විද්‍යුත් ත්‍රීරෝද රථය අපේ රටට හදුන්වා දෙන්න පුළුවන් නම් ඒ තුළින් දිනකට ඩොලර් මිලියන තුනක් පමණ දිනකට ඉතිරි කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා එය වැදගත් සහ තවදුරටත් ශක්තිමත් කළ යුතු ව්‍යාපෘතිය ක්. ඉන්ධන යොදා භාවිතා කරන ත්‍රී රෝද රථ වෙනුවට මෙම ඉලෙක්ට්‍රොනික් ත්‍රීරෝද රථ සහන ක්‍රමයට හෝ ලබාදෙන්න පියවර ගන්නේ නම් එක් පැත්තකින් රටේ ආර්ථිකයට සාධනීය බලපෑමක් වනවා වගේම , . එය තිරසාර සංවර්ධනයටත් ගුණාත්මක ලෙස බලපානවා. ඉන්ධන ගැටළුවට විසදුමක් මෙන්ම මුදල් ඉතිරිකර ගන්න හැකි වෙනවා. එය රටේ ආර්ථිකයට ශක්තියක් වෙනවා. අනෙකුත් වාහන වෙනුවෙන් ද වේගා ආයතනය මේ වනවිට පරීක්ෂණ කරගෙන යනවා. ඒ සඳහා රජය පූර්ණ සහාය දෙන්න සූදානම්" යැයිද කනක හේරත් මහතා කීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya