ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    නාවික කේන්ද්‍රස්ථානයක් වශයෙන් ඉදිරියේ දී ශක්තිමත් වීමට නව නීති සම්පාදනය කළ යුතුයි

    මැයි 10, 2023

    නාවික කේන්ද්‍රස්ථානයක් වශයෙන් මෙරට තිබෙන පැරණි නීති සංශෝධනයන් කළ යුතු බවත් , අනතුරු වළක්වා ගන්නා නාවික මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතු බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(10) පාර්ලිමේන්තුවේදි පැවසීය.

    එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධ සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    නාවික කේන්ද්‍රස්ථානයක් වශයෙන් ඉදිරියේදි ශක්තිමත් වීමට නව නීති සම්පාදනය කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය. නාවික අනතුරු වළක්වා ගැනීමේ මධ්‍යස්ථානයක් මෙරට ඇති කළ යුතු බවත් නෞකා වලට පහසුකම් සපයන නාවික කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කර ගත යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සිදු වූ වහාම හානියට පත් වෙලා තිබූ ප්‍රදේශ වල අනුභවයට නුසුදුසු මසුන් වෙළෙඳපළට නිකුත් කිරීම වැලැක්වීමට පියවර ගත් බවයි. එ් ප්‍රදේශවල ජනතාවට ධීවර කටයුතු වල නොයෙදෙන ලෙස උපදෙස් ලබා දුන්නා.රුපියල් බිලියන 3කට ආසන්න මුදලක් එම ප්‍ර දේශ වල ජනතාවට වන්දි වශයෙන් ලබා දුන්නා. හැඳල වත්තල මට්ටක්කුලිය කළුතර ආදී ප්‍ර දේශව ධීවරයින් 15032 දෙදෙනෙකුට වන්දි මුදල් ලබා දුන්නා.

    අපි නාවික කේන්ද්‍රස්ථානයක නම් ඉන්නේ මෙවැනි අනතුරු ඇතිවිය හැකියි .මේ සඳහා අපි සූදානම් විය යුතුයි.:

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya