ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    අධ්‍යාපන අමාත්‍යවරයා සහ ලෝක බැංකු ගෝලීය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා අතර හමුවක්....ගෝලීය නව ආධ්‍යාපනික ප්‍රවේශයන් පිළිබඳ සාකච්ඡා

    මැයි 11, 2023

    ලොව පුරා රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ හා නියෝජිත නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ලන්ඩන් නුවර දී පැවැත්වෙන 2023 ලෝක අධ්‍යාපන සමුළුවට  අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සහභාගී විය. මෙම සමුළුවදෙී  අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට,  ලෝක බැංකුවේ ගෝලීය අධ්‍යාපන අධ්‍යක්ෂ ජෙයිමි සද්‍රා මහතා (Jaime Saavedra) මුණ ගැසුණේය.

    එම හමුවේදී ගෝලීය වශයෙන් අනෙකුත් රටවල නව ආධ්‍යාපනික ප්‍රවේශයන් මෙන්ම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ වත් නුදුරු අනාගතය තුළ සපුරාගත යුතු ගෝලීය ආධ්‍යාපනික ඉලක්ක ජයගැනීම උදෙසා මෙරට අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රියාකාරකම් හා සිදු විය යුතු සංකල්පීය වෙනස්කම් පිළිබඳ වත් කරුණු සාකච්ඡා වී ඇත. මෙහි දී මෙරට අධ්‍යාපන ධාරිතාව පුළුල් කිරීම උදෙසා පවතින සීමාවන් හා අභියෝග පිළිබඳ ව ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් කරුණු දැක්වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya