ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    කලක සිට පැවති ගැටලුවකට විසඳුමක් - මෙම මස 15 වෙනිදා සිට දුරගමන් සේවා බස්රථ සඳහා නැවතුම් ස්ථානයක්

    මැයි 12, 2023

    කොළඹ සිට ගින්තොට දක්වා ගාලු පාරේ ස්ථාන 37 ක අන්තර් පළාත් බස්රථ සඳහා නැවතුම් ස්ථාන සඳහා විශේෂ සංඥා පුවරු සවි කර තිබෙන අතර මෙම මස 15 දා සිට නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නිලන් මිරැන්ඩා මහතා පවසයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අන්තර් පළාත් දුර ගමන් සේවා බස් රථ නැවතුම් ස්ථාන පිළිබඳ දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    අන්තර් පළාත් බස්රථ සඳහා නැවතුම් ස්ථානයක් මීට පෙර නිත්‍යානුකුලව ස්ථාපිත කර නොතිබීම නිසා එකී දුරගමන් සේවා බස්රථ සහ පළාත් තුළ ධාවනය වෙන කෙටි සේවා බස්රථ අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වීම දක්නට ලැබෙන අතර ඒ අනුව කලක සිට පැවති ගැටලුවකට විසඳුමක් ලබා දීමට කරන ලද සැළසුමක් බවත් ඒ මහතා මෙහි දී ප්‍රකාශ කළේය.

    ඒ අනුව, මේ සඳහා අලුතින්ම නිර්මාණය කරන ලද සංඥාවක් සහිත පුවරු සඳහා 2019 වසරේ දී අනුමැතිය ලබා ගැනීමට හැකියාව ලැබුණු බවත්, නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ සිට ගින්තොට දක්වා ගාලු පාරේ ස්ථාන 37 ක මෙම සංඥා පුවරු සවිකර තිබෙන අතර මෙම මාර්ගයේ ගමන් කරන සියලු ලංගම සහ පෞද්ගලික බස්රථ වලට GPS උපකරණ සවිකිරීමට සහ ඒකාබද්ධ කළ සටහනකට අනුව
    ධාවනය කිරීමටත්, එම බස්රථ නැවතුම් ස්ථාන හඳුනාගැනීම් වැනි කරුණු කිහිපයක් හඳුන්වා දී තිබෙන බවත් හෙතෙම පැවසීය.

    ඉන් අනතුරුව දිවයින පුරා ඇති අනෙකුත් ස්ථාන වලත් මෙම සංඥා පුවරු සවිකිරීමට නියමිත අතර මේ සඳහා ශ්‍රී ලංකා පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරිය වැනි ආයතන වළ සහාය ලබා ගැනීමට අපේක්ෂිතයි.

    එමෙන්ම, මින් ඉදිරියට දුරගමන් සේවා බස්රථ සඳහා සාමාන්‍ය බස් නැවතුම්පොළ සංඥාව ලෙස වන කළු පැහැති බස්රථ ලාංඡනය වෙනුවට කහ පැහැති බස්රථ ලාංඡනයෙන් යුතු සංඥාව සහිත පුවරුව හඳුන්වා දී ඇති බවත්, මෙම කහ පැහැති බස්රථ ලාංඡනයෙන් යුතු සංඥාව සහිත පුවරුව සහිත ස්ථානයේ නැවැත්විය හැක්කේ දුරගමන් සේවා බස්රථ බවත් මෙහ දී සඳහන් කළ නමුත් කළු බස්රථ ලාංඡනයෙන් යුතු සංඥාව සහිත පුවරුව සහිත ස්ථාන වල දුරගමන් සේවා බස්රථ නැවැත්විය නොහැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ සැළසුම් ආලෝකා කරුණාතිලක මහත්මිය අවධාරණය කළාය.

    මේ සම්බන්ධව මේ වන විට ගාලු පාරේ ධාවනය කරන සියලුම බස්රථ හිමියන් දැනුවත් කර තිබෙන බවත් පුවත්පත් දැන්වීම් මඟින්ද දැනුවත් වීම් කර තිබෙන බවත්, මෙම ස්ථාන වල නොනවත්වන්නේ නම් සාමාන්‍ය නීතිය යටතේ විනය ක්‍රියාමාර්ග ගනු ලබන අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ බලපත්‍ර කොන්දේසියක් ලෙස මෙය ඇතුළත් කරනු ලබන බවත්, ඉන්පසු මෙම ස්ථාන වල නොනවත්වන බස්රථ සඳහා අභ්‍යන්තර විනය ක්‍රියාමාර්ග ගනු ලබන බවත් ඒ මහත්මිය මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya