ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    අස්වැසුම සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයට, සමගාමීව සමාජ සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කළ යුතුයි

    මැයි 12, 2023

    අස්වැසුම සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයට, සමගාමීව සමාජ සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කළ යුතු බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි.

    පසුගිය කාලසීමාව තුළ ක්‍රියාත්මක වූ ජනසවිය, හෝ සමෘද්ධි ව්‍යාපාරය යටතේ වාර්ෂිකව සුබ සාධන ප්‍රතිලාභ ලබන පිරිස ඉහළ ගොස් ඇතිබවත් අවධාරණය කරන කනක හේරත් මහතා සිදුවිය යුත්තේ ප්‍රතිලාභීන් වාර්ෂිකව සංඛ්‍යාත්මකව ඉහළ දැමීම නොව ඔව්න් විදිමත් හා ශක්තිමත් ලෙස සවිබල ගැන්වීමට පියවර ගැනීම යැයිද කියා සිටියි.

    ඒ මහතා මේ බව කියා සිටියේ, අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ට අදාල ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අද (12) පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදයට එක්වෙමිනි.

    " ග්‍රාමීය මට්ටමින්, සිදුකරන ලද සමීක්ෂණයකින් අනතුරුව තෝරා ගත් ලක්ෂ 20 පමණ වන අඩු ආදායම් ලාභී න් ප්‍රධාන සමාජ කාණ්ඩ 04 යටතේ වෙන්කර ප්‍රතිලාභ බෙදා හැරීම ට පියවර ගැනීම වැදගත් පියවර ක්' මෙම පිරිස ස්වයං රැකියා ලාභීන් බවට පත්කිරීම, ව්‍යවසාකයන් හා කුඩා කර්මාන්ත කරුවන් බවට පත්කිරීමට අවශ්‍ය පසුබිම කඩිනමින් ආරම්භ කළ යුතුයි.
    එවැනි ශක්තිමත් සමාජ සවිබල ගැන්වීමේ වැඩපිළිවෙල යටතේ ප්‍රතිලාභ ලැබෙන වසර තුන අවසානයේ දී, එම පිරිසට ස්වාධීන ලෙස ආර්ථිකය ගොඩ නගා ගැනීම ට නොහැකි උව හොත් මෙම යෝජනා ව සම්මත උවත් එහි ප්‍රතිඵලයක් නොමැත. එබැවින් සමාජ සවිබල ගැන්වීම සඳහා පුළුල් කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍ය වී තිබෙනවා.
    එමෙන්ම මෙම යෝජනා ක්‍රමය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීම ට ද යම් කාලයක් ලබා දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය තුමා ගෙන් ඉල්ලා සිටිනවා. එමගින් මෙම වැඩපිළිවෙල තුළ කිසිවෙකු මඟහැරී ඇත්නම් ඔව්න් ට ඒ අවස්ථාව ලැබෙනවා.
    ඒ වගේ ම මෙම යෝජනා ක්‍රමය යටතේ සමෘද්ධි බැංකු ආරක්ෂා කර ගැනීම වැදගත්, බොහෝ පිරිසක් සමෘද්ධි බැංකුව සමඟ ඒකාබද්ධ ව කටයුතු කළා, දැනටමත් සමෘද්ධි බැංකුව හරහා ලබා ගෙන ඇති ණය පියවා ගැනීම ට පියවර ගත යුතුයි. එසේ නොව්නහොත් සමෘද්ධි බැංකු කඩා වැටීම ට ඉඩ තිබෙනවා.

    සමෘද්ධි බැංකු 100% ක් ලාභ ලබන බැංකු ලෙස පවතිනවා. අනිත් පැත්තෙන් මේ බැංකු මහ බැංකුව යටතේ නියාමනය විය යුතුයි. ඒ වගේ ම එහි අඩුපාඩු සකස් විය යුතුයි. මෙම බැංකුවල පරිගණක පද්ධති එකට ඒකාබද්ධ පද්ධතියක් ලෙස ගොඩ නැඟීම වැදගත්, වානිජ බැංකු වල තත්ත්වය ට මෙම සමෘද්ධි බැංකු ගෙන ඒම වැදගත්. අපට තොරතුරු ලැබී තිබෙනවා සමෘද්ධි බැංකු වල කාර්යක්ෂමතාව ඉතා ම පහළ මට්ටමක පවතින බව, එම දුර්වලතා යථා තත්ත්වය ට ගෙන ඒම වැදගත්, ඉදිරියේදී රාජ්‍ය ආයතන වල විද්‍යුත් ගෙවීම් ක්‍රම වේදය
    ක්‍රියාත්මක වුවහොත් ඒ සඳහා සමෘද්ධි බැංකුවල තොරතුරු තාක්ෂණ පද්ධති ශක්තිමත් කළ යුතුයි.
    අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ සමෘද්ධි ලාභීන් ගේ සංඛ්‍යාව අඩුවනවා යනු, අඩු ආදායම් ලාභී ජනතාව ගේ ජීවනෝපාය ශක්තිමත් වී ඇතිබවට කරන ඉඟියක් වනවා. ඒ අනුව මෙම යෝජනා ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක කිරීම කළ යුතු යැයිද තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya