ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    කවුරු අකමැති වුණත් 2048 මේ රට වෙනස් කරන්න අපි හරි තීරණ ගන්නවා 

    මැයි 13, 2023

     විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට එවූ ප්‍රේෂණවලින් වසරක් තුළ ආර්ථිකය වෙනස් වුණා...

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර

    විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවන ප්‍රේෂණ අද මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇති බවත්, වසරක් තුළ රටේ ආර්ථිකය වෙනස් කිරිමට විගමණික ශ්‍රමිකයින්ට හැකිවූ බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ සිංගප්පූරුවේ හෙද වෘත්තිය සඳහා පිටත්ව යන පළමු ශ්‍රි ලාංකික හෙද පිරිසට ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවකට ( 12) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදි එක් වෙමිනි.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.

    “ශ්‍රී ලාංකිකයින්ගේ කාරුණිකබව නිසා වැඩි වශයෙන් හෙද රැකියා ලාංකිකයින්ට හිමිවෙනවා. ලංකාවේ ඉන්නේ හෙදියන් 38000යි. හෙද හෙදියන් මදි. අපේ රෝහල්වලට ගැලපන ප්‍රමාණයට හෙදියන් වැඩි කරන්න පුළුවන් වුනොත් අපිට පුළුවන් වැඩි වශයෙන් හෙද වෘත්තිකයින් විදේශ රැකියාවට යවන්න. පහුගිය සතියේ හෙද විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. ඒ මගිනුත් නව හෙදියන් පුහුණු කරලා විදේශ රැකියාවලට යවන්න පුළුවන්. එහෙම නැත්නම් රට තුළ Health Tourism ක්ෂේත්‍රය ආරම්භ කරන්න පුළුවන්. එමගිනුත් වැඩි වශයෙන් විදේශ විනිමය උපයාගන්න පුළුවන්.

    දියුණු රටවල් වන එංගලන්තය, කැනඩාව, ජර්මනිය, ඇමරිකාව වැනි රටවල ලාංකික හෙද නිළධාරීන්ට රැකියා අවස්ථා විශාල වශයෙන් ලැබෙනවා. නමුත් ගැටළුව තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඔවුන් නිදහස් කරන්නේ නැති එක. එහෙම නැත්නම් රෝහල්වල නිළධාරීන් අවශ්‍ය නිර්දේශ ලබාදෙන්නේ නෑ. ලංකාවේ හෙදියන් විදේශ රටවල රෝහල්වල සේවයට ගියාම තාක්ෂණික දැනුම අරගෙන තමයි ආපහු එන්නේ. ඒ ආයෝජනය යන්නේ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට. ඒ රටවල හෙද ක්ෂේත්‍රය ගොඩක් දියුණුයි.

    මේ විදිහට වෘත්තිය ක්ෂේත්‍රවලට විදේශ ගතවීම මගින් ඔබ අද මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න දායක වෙනවා. ඔබ රට රැකියාවෙන් උපයන මුදල් නීත්‍යානුකූල විදිහට ලංකාවට එවන්න. එකෙන් තවත් කෙනෙක්ට බෙහෙත් ටික ගන්න, ඉන්ධන ටික ගන්න, දිගටම විදුලි බලය ලබාදෙන්න හැකියාව ලැබෙනවා.

    පහුගිය කාලයේ එක එක දේශපාලන පක්ෂ විදේශ ගත ශ්‍රමිකයින්ට ලංකාවට මුදල් එවන්න එපා කිව්වා. කවුරු කොහොම කිව්වත් ඒ අය ලංකාවට මුදල් එව්වා. පහුගිය වසරේ මැයි මාසයෙයි මේ වසරේ මැයි මාසයයි ගත්තම ලොකු වෙනසක්. ඒ වෙද්දි ලංකාවේ භාණ්ඩාගාරෙම තිබුණේ ඩොලර් මිලියන 200ක මුදලක්. නමුත් අද මාසෙකට විදේශ ගත ශ්‍රමිකයින් ඩොලර් මිලියන 586ක් එවනවා. අප්‍රේල් මාසේ තවත් වැඩිවෙයි.

    අද අංක එකේ ආදායම වෙන්නේ විදේශ ගත ශ්‍රමිකයින් දිවයිනට එවන ප්‍රේෂණ. අද රටට ලොකු හයියක් වෙලා තියෙන්නේ ඒ අයගේ ආදායම. අපි හැමෝම ඒ අයට ගෞරව කරන්න ඕනි. අපිට ඉදිරියටත් මේ වගේ දායකත්වය ලබාදුන්නොත් තවත් ඉදිරියට මේ රට ගෙනියන්න පුළුවන්.

    සිංගප්පූරු හෙද රැකියා ලබාගන්න අපිට තානාපති කාර්යාලයේ නිලධාරි නිපුණ තිබ්බොටුමුනුව මහතා ලොකු සහයෝගයක් ලබාදුන්නා. පුළුවන් තරම් ජාත්‍යන්තර භාෂා ඉගෙනගන්න. අපි රස්සාවල් හොයලා දෙන්නම්. 2048 මේ රට වෙනස් කරන්න අපි කැප වෙන්න ඕනි. කවුරු කැමති අකමැති වුණත් අපි අවශ්‍ය වෙලාවට හොඳම තීරණ අරගන්නවා. ”

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya