ජනවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    විදුලි කෝෂ සවිකළ බෝට්ටු නිෂ්පාදනය පිළිබඳ ධීවර ඇමතිගේ අවධානයට

    මැයි 23, 2023

    මීට වසර ගණනාවකට පෙර ආරම්භ කරන ලද විදුලි කෝෂ මගින් ක්‍රියා කරන ධීවර බෝට්ටු නිෂ්පාදනය කිරීම බණ්ඩාරගම මිල්ටන් මෝටස් නැමැති පුද්ගලික ආයතනය විසින් සිදුකරන අතර ඒ සදහා මේ වන විට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතාගේ අවධානය යොමු වී ඇත.

    ඒ අනුව මෙම බෝට්ටු එන්ජින් නිෂ්පාදනය කොට අත්හදා බැලීම් ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ අතර අමාත්‍යවරයා මෙම ඇන්ජින් පිළිබදව කැබිනට් මණ්ඩලයේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමෙන් පසු ඒ සදහා අවශ්‍ය පහසුකම් සැළසිමට එවකට කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාටද උපදෙස් ලබාදී ඇත.

    ඒ අනුව ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා රමේෂ් පතිරණ අමාත්‍යවරයා හා එක්ව මෙම ආයතනයේ විදුලි කෝෂ බෝට්ටු එන්ජින් හා විදුලි කෝෂ සහිත ත්‍රී වීල් රථ නිරික්ෂණය කළ අතර එම නිෂ්පාදනයන් සදහා රජයේ සහයෝගය ලබා දීමටද ධීවර අමාත්‍යවරයා පියවර ගෙන ඇත.

    තවද මෙම ආයතනය එම ඇන්ජින් හා ත්‍රි වීල් යන්ත්‍ර නිෂ්පාදනය කොට තිබෙන අතර පසුගියදා (19) ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එම ආයතනයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    ඒ අනුව ළඟදීම මෙම විදුලි කෝෂ සවිකරන බෝට්ටු එන්ජින් හා ත්‍රී වීල් රථ වෙළඳපොළ වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරදෙන බවද අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya