ජනවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    කාර්මික විද්‍යාල සඳහා රැකියා අභිමුඛ නව පාඨමාලා හඳුන්වා දීමට පියවර

    මැයි 23, 2023

    කාර්මික විද්‍යාල සඳහා රැකියා අභිමුඛ නව පාඨමාලා හඳුන්වා දීමට කටයුතු කරන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ජාතික කාර්මික පුහුණු කිරීමේ ආයතනවල නව වැඩපිළිවෙලවල රාශියක් ආරම්භ කර ඇති බවයි.සියලු පාඨමාලා නවීකරණය කර රැකියා අභිමුඛ නව පාඨමාලා හඳුන්වා දීමට කටයුතු කරන බවත්, යල් පැනගිය පාඨමාලා සියල්ල ඉවත්කරන බවත් හෙතෙම පැවසීය.

    පසුගිය සති අන්තයේ අධ්‍යාපන අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් වෙනුවෙන් විශේෂ ප්‍රදර්ශනයක් පැවැත්වුවා.ඉදිරියේදී පළාත් මට්මටමින් එවැනි ප්‍රදර්ශන පැවැත්වීමට කටයුතු කරනවා. වෘත්තීය අධ්‍යාපනය නවීකරණය කර ලෝකය ඉල්ලන පරිදි රැකිය අභිමුඛ පරිදි මෙම කටයුතු සිදු කරනවා. යල් පැනගිය පාඨමාලා වලට නව පාඨමාලා හඳුන්වා දෙනවා. තවද කාර්මික විද්‍යාල සඳහා දේශකයින් බ ඳවාගැනීමේ කටයුතුද හැකි ඉක්මනින් සිදු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya