ජනවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    පෞද්ගලිකත්වයට හා යහපැවැත්මට අහිතකර සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඒකකයක්

    මැයි 23, 2023

    සමාජ මාධ්‍ය හරහා පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හා ඔවුන්ගේ යහපැවැත්මට අහිතකර අන්දමෙන් සිදුවන අපහසාත්මක හා වෛරීසහගත ආගමික, ජාතික සමාජ සංස්කෘතිකමය වශයෙන් විවිධ ජන හැඟම් කුපිත කරවන සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක පැමිණිල්ලක් කළ විගස එම පැමිණිලි විභාග කිරීමට ආරක්ෂක අංශවල වෙනමම අංශයක් ස්ථාපිත කර ඇති බව කැබිනට් ප්‍රකාශක , ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

     

    ඔහු මේ බව පැවසුවේ, අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

    මීට අතිරේකව අපරාධ, මිනීමැරුම්, ප්‍රචණ්ඩත්වය, ළමා අපචාර, ලිංගික හිංසනයන් යනාදිය පිළිබඳව මාධ්‍යයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේ කාරකසභා අංක 01දී ජනදාඹ්‍ය අමාත්‍යංශයේ සිකුරාදා පස්වරු 01.30ට පැවැත්වෙන බව සඳහන් කළේය.

    මෙම උපදේශක කාරක සභාවට මාධ්‍යවේදීන්ගේ අඳහස් ඉදිරිපත් කිරීම වැදගත් යැයිද අමාත්‍යවරයා පැවසුවේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya