ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    “දූෂණ විරෝධී” නමැති පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය - ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක පාර්ලිමේන්තුවට නිවේදනය කරයි

    ජූනි 06, 2023

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලද “දූෂණ විරෝධී” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

    “දූෂණ විරෝධී” නමැති පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මතු සඳහන් පරිදි වේ:— වගන්ති 1, 2(1)(f), 2(2), 3(2), 4(1)(a), 4(1)(b), 4(3), 17(1), 21, 31 (2), 163(2)(h), 40,
    48(3), 49(1)(f), 50(1)(a), 53(1), 62(1), 65, 67(5 ), 71(6) හා (8), 80, 93, 99, 101, 112, 149 සහ 162 පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වේ. කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දක්වා ඇති සංශෝධන පනත් කෙටුම්පතට සිදු කළහොත් මෙම අනනුකූලතාවයන් නතර වනු ඇති බවද කථානායකවරයා දැනුම් දුන්නේය.

    එම සංශෝධනයන්ට අමතරව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දක්වා ඇත්තේ පනත් කෙටුම්ප‌තේ 8(3), 136, 141, 142 සහ 156 වගන්ති සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විසින් සඳහන් කර ඇති සංශෝධන මගින් පෙත්සම්කරුවන් විසින් අවධාරණය කර ඇති කරුණු ද විසඳිය හැකි බවද කථානායකවරයා සඳහන් කළේය.

    එයට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “පළාත් සභා මැතිවරණ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.

    ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ යෝජනා කර ඇති පරිදි පනත් කෙටුම්පතේ 3 වගන්තිය සංශෝධනය කිරීමට හා 4 වගන්තිය ඉවත් කළ යුතු බවට වූ නියමයන්ට යටත්ව පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවද කථානායකවරයා දන්වා සිටියේය.

    එමෙන්ම “ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ” සේවය කිරීම සඳහා ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතාගේ සභාපතිත්වය යටතේ පහත දැක්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තමා විසින් පත් කර ඇති බවද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඒ අනුව ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් , ගරු ඩයනා ගමගේ , ගරු (මහාචාර්ය) ජී.එල්. පීරිස්, ගරු නීතිඥ රවුෆ් හකීම්, ගරු විජිත හේරත්, ගරු (ආචාර්ය) සරත් වීරසේකර, ගරු නිරෝෂන් පෙරේරා, ගරු අජිත් මාන්නප්පෙරුම, ගරු නිමල් ලාන්සා, ගරු තුෂාර ඉදුනිල් අමරසේන, ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන, ගරු අකිල එල්ලාවල, ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, සහ ගරු නීතිඥ මධුර විතානගේ යන මන්ත්‍රීවරයන් කාරක සභාවේ සේවය කිරිම සඳහා පත් කොට තිබේ.එයට අමතරව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111 හි විධිවිධාන සහ 2022 නොවැම්බර් 21 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, ඒ ඒ ආංශික අධීක්ෂණ කාරක සභාවල සේවය කිරීම සඳහා, පහත සඳහන් මන්ත්‍රීවරයන් ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායකවරයා දැන්වීය.

    ඒ අනුව, ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා ගරු කෝකිලා ගුණවර්ධන මහත්මියද, ප්‍රතිසංධානය සහ ජාතික සමඟිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා ගරු මර්ජාන් ෆලීල් මහතාද, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා ගරු නීතිඥ මධුර විතානගේ මහතාද, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතාද , බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා ගරු ඒ. එල්. එම්. අතාඋල්ලා මහතාද, ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා ගරු සී. බී. රත්නායක මහතාද, පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා ගරු ජයන්ත කැටගොඩ මහතාද පත්කොට තිබේ.

    එමෙන්ම, විදෙස් රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා ගරු ගාමිණී ලොකුගේ මහතාද, සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මියද, ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා ගරු නීතිඥ එස්. එම්. එම්. මුෂාරෆ් මහතාද, මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා ගරු තිසකුට්ටි ආරච්චි මහතාද, විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා ගරු ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතාද තේරීම් කාරක සභාව විසින් පත්කොට ඇති බව කථානායකවරයා නිවේදනය කළේය.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 හි විධිවිධාන සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඒ. එල්. එම්. අතාඋල්ලා මහතා ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායකවරයා දන්වා සිටියේය.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122 හි විධිවිධාන සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මිලාන් ජයතිලක මහතා ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බවද කථානායකවරයා දැනුම් දුන්නේය.

    එයට අමතරව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2023 මැයි 26 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු , ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර සහ ගරු නීතිඥ තලතා අතුකෝරල යන මන්ත්‍රීවරයන් ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායකවරයා දැනුම් දුන්නේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya