ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් රටක ආර්ථිකයක කොඳුනාරටියයි - මුදල් රාජ්‍ය අමාත්‍ය

    ජූනි 07, 2023

    සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ර ටක ආර්ථිකයක කොඳුනාරටිය බවත් ඔවුන් රැක ගැනීමේ වගකීම රජය සතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    “කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළු ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ පාන ගැටලු” පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා අද(7) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.

    පසුගිය වසරේ විදේශ සංචිත සෘණ උණා. උද්ධමනය ඉහළ ගියා. රුපියලේ අගය 90%කින් අව ප්‍රමාණය වුණා. විදුලිය කැපුණා. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සඳහා පෝලීමේ ඉන්න වුණා. සෘණ ආර්ථිකයක් ඇති වුණා. මේ තත්වය ජනතාව හැමෝටම බලපෑවා. ‍ ජීවිතේ මුහුණ දුන් ඉතාම අපහසු කාළ පරිච්චෙදයෙ ජනතාව මුහුණ දුන්නා. බොහෙත් තිබුන් නැහැ. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තිබුන් නැහැ. බොහෙත් තිබුන් නැහැ. දරුවන්ට කිරිපිටි තිබුන් නැහැ. ව්‍යවසායකයින් තමයි මෙම අර්බුදයේ දී වැඩියෙන්ම අපහසුතාවයට පත් වුණේ.

    ආර්ථික අභියෝගය ජය ගැනීමට යම් යම් ක්‍රියාමාර්ග ගැනීමේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් පීඩාවට පත් වුණා. එය අපි පිළිගත යුතුයි

    උද්ධමනය පාලනය කරන්න බැංකු පොළිය වැඩි කළා.උද්ධමනය පාලනය කරන්න අපිට තිබුණ එකම විකල්පය බැංකු පොළිය වැඩි කිරීම. අපි ආනායන සීමා කළා. අද වන විට සැළකිය යුතු ප්‍රමාණය ක් නිදහස් කර තිබෙනවා. මේ හැම දෙයකින්ම බැට කෑවේ සුළු පරිමාණ ව්‍යාවසායකයින්.ඔවුන් රැකගැනීම වෙනුවෙන් රජය ක්‍රියාමාර්ග රැසක් ගන්නා බවද හෙතෙම කීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya