ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    සංචාරක ව්‍යාපාරය සඳහා කිරින්ද හම්බන්තොට හා දකුනේ ධීවර වරායන් වර්ධනය කළ යුතුයි - ධීවර අමාත්‍ය

    ජූනි 12, 2023

    සංචාරක ව්‍යාපාරය සඳහා කිරින්ද හම්බන්තොට හා දකුනේ ධීවර වරායන් රැසක් සංවර්ධනය කළ යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.

    පසුගියදා (9) දකුණු පළාතේ ධීවර වරායවල සංචාරයක නිරත වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

    මෙම සංචාරය මගින් මීට මාස තුනකට පෙර සිදුකරන ලද සංචාරයේ දී වරාය සංවර්ධනය උදෙසා තමා ලබාදුන් උපදෙස්හි පසු විමර්ශනයක් සිදුකිරීමට කටයුතු කළ අමාත්‍යවරයා පළමුවෙන් කිරින්ද ධීවර වරායේ සංචාරය කළේය.

    ධීවරයන්ට තම කර්මාන්තය කරගෙන යාමට කිරින්ද වරායෙන් මුහුදු යාමට තිබූ බාධා ඉවත්කොට මුහුදු යාමට අවශ්‍ය පසුබිම සකසා තිබේ දැයි සොයා බලන ලදී. වරාය බේසම වැලිවලින් පිරී ඇති බවත් දැනට වැලි ඉවත් කිරීම සිදු කළ ද එය කඩිනම් කළ යුතු බවත් නිලධාරීන්ට උපදෙස් ලබාදෙමින් කැණීම් කොට ගොඩ ගසා ඇති වැලි කඩිනමින් ඉවත් කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

    දැනට වැලි ඉවත් කිරීමට යොදා ගන්නා එක්ස්කැවේටර් යන්ත්‍රය කඩිනමින් අලුත්වැඩියා කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසද නිලධාරීන්ට උපදෙස් දී ඇත.

    තවද, කිරින්ද ධීවර වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ඉන්ධන පිරවුම්හලෙහි පොම්පය අක්‍රීයව ඇති බැවින් ඒ සඳහා නව පොම්පයක් ලබාදීමට කටයුතු කරන ලෙස ද පැවසූ අමාත්‍යවරයා පසුගිය සංචාරයේදී මසුන් ගොඩබාන ස්ථානයේ කොන්ක්‍රීට් තට්ටු ගැලවී ඇතැයි නිරීක්ෂණය වූ බැවින් එය අලුත්වැඩියා කරන ලෙස තමා උපදෙස් දුන් බවද මේ වන විට එම ස්ථානය අලුත්වැඩියා කිරීම සම්බන්ධව සිය ප්‍රශංසාව පිරිනැමුවේය.

    සංචාරක පුරවරයක් ලෙස කිරින්ද වරාය පරිසරය සංවර්ධනය කිරීමට පෞද්ගලික අංශයේ සහයෝගය ලබා ගනිමින් කාමර 75 කින් යුත් සංචාරක හෝටලයක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    පසුව හම්බන්තොට වරායේ සංචාරය කළ අමාත්‍යවරයා හම්බන්තොට සංචාරක කලාපය හා වරාය කලාපය යා කිරීමට මාර්ගයක් සකස් කිරීමට වාර්තාවක් සකස් කරන ලෙස නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය. ඉන්පසුව කල්මැටිය මිරිජ්ජවිල සහ රැකව යන ධීවර වරායන්වල සංචාරය කල අමාත්‍යවරයා එම ධීවරයන් සමග සාකච්ඡා කොට ඔවුන්ට ඇති ගැටලු කඩිනමින් විසදිමට අවශ්‍ය පිවර ගන්නා බවද පැවසිය.මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක ඩී වී උපුල් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya