ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    පොළොන්නරුවේ ගොවීන්ගේ වවුචර්පත්වලට හෙට සිට පොහොර

    ජූනි 12, 2023

    පොළොන්නරුවේ ගොවීන්ට යුරියා පොහොර මිල දී ගැනීම සඳහා ලබා දී ඇති වවුචර්පත්වලට හෙට (13) සිට එම පොහොර මිල දී ගතහැකි බව රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි.

    එම ගොවීන්ට වී වගාව සඳහා පොහොර මිල දී ගැනීමට නිකුත් කරන ලද වවුචර්පත්වලට මෙතෙක් යුරියා පොහොර මිල දී ගැනීමට නොහැකි වු බව ගොවි සංවිධාන නියෝජිතයන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර ඇත.

    මේ වනවිට කොළඹ වරායට පැමිණ තිබු යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් සහිත නැවේ පොහොර ගොඩ බෑම අද (12) පස්වරුවේ සිට ආරම්භ කෙරේ.

    ඊයේ (11) පැවැති අධික වැස්ස හේතුවෙන් පොහොර ගොඩබෑමේ කටයුතුවලට බාධා එල්ල වී තිබීනි.

    වර්ෂාව නිසා පොහොර බහාලුම් (Hatcheries) විවෘත කිරීමට හැකියාවක් නොවු බව ද සභාපතිවරයා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya