ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමෙන්,පාර්ලිමේන්තුවවේ මූල්‍ය වගකීම ශක්තිමත් වුණා

    ජූනි 20, 2023

    පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමෙන්,පාර්ලිමේන්තුවවේ මූල්‍ය වගකීම තවදුරටත් ශක්තිමත් වන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(20)පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිණි.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ;

    පාර්ලිමේන්තුවට මූල්‍ය බලය පැවරී තිබෙනවා. ඒ සඳහා අදාළ කාරක සභා තිබෙනවා. එම කාරක සභා හරහා වෙන ක්‍රියාවලිය සුබවාදිව දැකිය යුතුයි.  

    තවදුරටත් අපේ රටේ පලාදායී නොවන ආකාරයට මුදල් යෙදවීම් අක්‍රමිකතා දූෂණ සිදු වීමට තිබෙන ඉඩකඩ අඩුවෙනවා. මූල්‍ය විනය සම්බන්ධයෙන් දැනට පාර්ලිමේන්තුව තුළ සිදුවෙන කටයුතුත් නොසලකා හැරිය යුතු නැහැ. දැනටත් මූල්‍ය විනය සම්බන්ධයෙන් යම් කාර්යභාරයක් සිදු වෙනවා. පාර්ලිමේන්තුව තව දුරටත් ශක්තිමත් කිරීම තමයි අපි සිදු කල යුතු වන්නේ. පාර්ලිමේන්තු අයවැය කාර්යාලය තුළින් දැනට කරගෙන යන කටයුතු ශක්තිමත් වීම සඳහා මෙම අයවැය කාර්යාලය පිටුවහලක් වෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා සෑම වර්ෂයකම ඊළඟ වර්ෂයට අදාළ අයවැය ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව අයවැයක් සම්මත කර ගන්න බැහැ යැයි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya