ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ගුවන් තොටුපළ ඉදිරියට ගෙනයාමට නම්, ජනතාවට සහ මගීන්ට ආර්ථික සහනයක් සැළසෙන නව තාක්ෂණය හඳුන්වාදිය යුතුයි

    ජූනි 22, 2023

    ගුවන් තොටුපළ ඉදිරියට ගෙනයාමට නම්,ජනතාවට සහ මගීන්ට ආර්ථික සහනයක් සැළසෙන නව තාක්ෂණය හඳුන්වාදිය යුතු බවත්, ඌබර් සහ පික්මී ව්‍යාපෘති හඳුන්වාදුන්නේ ඒ අනුව බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    සංචාරක බලප්‍රදේශයක් වන කටුනායක සහ මීගමුව යන ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරයේ යෙදෙන ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ගුවන් තොටුපළේ යොදවා ඇති ඌබර් සහ පික්මී කුලී රථ වලින් මේ වන විට මිලියන 05කට අධික ආදායමක් උපයාගෙන ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,


    ලෝකයේ තිබෙන ගුවන් තොටුපළවල් 800කම මෙම ඌබර්, පික්මී සේවාවන් තියෙනවා. විදෙස් සංචාරකයින් මෙරටට පැමිණෙන විටම මෙම සේවාවන් ජංගම දුරකථනය ඇප් දාගෙන එන්නේ. පිට රට ඉඳන් එන සංචාරකයින්ට එම අවස්ථාව තිබෙනවා.
    ගුවන් තොටුපළේ තිබෙන කුලීරථ සේවාවන් පිළිබඳ ගුවන් තොටුපළට පැමිණෙන සංචාරකයින්ගෙන් පැමිණිලි ලැබී තිබෙනවා. කුලී රථයක් වූවමනාද අසමින් ඇතැම් ටැක්සි
    රියදුරන් පස්සෙන් එනවා. ගුවන් තෙටුපළේ ඉඳන් කොළඹට එන්න රුපියල් 6750ක් ගන්නවා. ඒත්ඌබර් ටැක්සියක් අය කරන්නේ රුපියල් 3500යි. ඉතින් පිටරට ඉඳන් එන මගියෙකුට තමන්ගේ නිවසට එන්න මුදල් ගසා කනවා. මේ සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබී තිබෙනවා. වැඩිපුර මුදල් අයකිරීම් පිළිබඳ. මෙම වාහන පිටරටට අයිති වාහන නෙමෙයි. මෙරට වාහන. මුදල් හම්බ කරගන්නේ අපේ රටේ මිනිස්සු යැයි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya