ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    2048 වසර වෙනතෙක් රට ගෙනයා යුතු මාර්ග සිතියම වත්මන් ජනපති ඉදිරිපත් කළා - ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය

    ජූනි 22, 2023

    කිනම් පක්ෂයක ජනාධිපතිවරයෙක් බලයට පත් වුවත් 2048 වසර වෙනතෙක් රට ගෙනයා යුතු මාර්ග සිතියම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා කළ කතාව පිළිබඳ විරුද්ධ පාර්ශ්වය ආ සභාව කල් තැබීමේ විවාදයේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    2048 වන තෙක් රටේ ජාතික ආර්ථික මාර්ග සිතියමක් පිළිබඳ මෙවර ජනාධිපතිවරයාගේ කතාවෙන් එළි වෙන බව ත් රටවල් දියුණු වීම සඳහා අනුගමනය කර ඇත්තේ එවැනි ජාතික ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය

    වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

    මෙරට සිදු වූ ආර්ථික කඩා වැටීම ක්‍රමානුකූලව සිදු වූ දෙයක් .රටේ බදු ආදායමෙන් 84%ක්ම රාජ්‍ය සේවයේ පඩි වලට වෙන් කර තිබෙනවා. සෑම රජයකටම මෙම අයවැය හිගය අඩු කර ගැනීමට විදෙස් ණය ලබා ගැනීමට සිදු වුණා.
    අද ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්න ටික විසඳන්න කටයුතු කර තිබෙනවා. අද රටේ ඉන්ධන තිබෙනවා. ගෑස් තිබෙනවා. ඉන්ධන මිල අඩු කර තිබෙනවා. විදුලි බිල ලබන ජූලි මාසයේ අඩු කරනවා. ලබන ජනවාරි වන විට තවත් වතාවක් විදුලි බිල අඩු කිරීම පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා. විපක්ෂයට ගිහින් කෑ ගහගෙන හිටියට රටේ ප්‍රශ්න විසඳෙන් නැහැ.


    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට භාර අරගෙන මේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ සකස් කලා. මෑත කාළීන ජනාධිපතිවරයෙක් කළ ජවසම්පන්නම කතාව මම දැක්කේ අනාගතයේදී ආර්ථික කළමනාකරණයට පිවිසෙන්නේ කොාහොමද කියලා එම කතාවේ තිබුණා.


    මේ වන විට ක්‍රමානුකූලව ජනතාවට අවශ්‍ය සහණ ලැබෙමින් තිබෙන බවත්, සාම්ප්‍රදායික පක්ෂ ක්‍රමය අයින් කර රට ගොඩනැගීමේ කාලය පැමිණ ඇතිබවත් , ඒ සඳහා සියළු දෙනා එක්වන්නැයිද ශාන්ත බණ්ඩාර මහතා ඉල්ලා සිටියේය.
    මේ රට ගොඩ නැගීමේ කටයුත්ත රජය සිදු කරන බවත් අනවශ්‍ය උද්ඝෝෂණ කරමින් එම වැඩපිළිවෙළ කඩාකප්පල් නොකරන ලෙසද හෙතෙම ඉල්ලා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya