ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ''වෙදැදුරු අභිමන් 2023'' ජනාධිපති වෛද්‍ය සූරී සම්මාන ප්‍රණාම උළෙල අගමැති ප්‍රධානත්වයෙන්

    ජූනි 23, 2023

    ''වෙදැදුරු අභිමන් 2023 ජනාධිපති වෛද්‍ය සූරී සම්මාන ප්‍රණාම උළෙල ''(20 දින) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    ශ්‍රී ලාංකික ජනතාව නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බවට පත් කරලීමට දේශීය වෛද්‍යවරුන් සුවිශාල දායකත්වයක් දක්වන අතර ඔවුන් විසින් ජාතික සෞඛ්‍ය සේවාවට අපරිමිත දායකත්වයක් දක්වනු ලබයි. එලෙස මුදලට සීමා නොවී තම කාලය, ධනය, ශ්‍රමය වැය කරලමින් රෝගීන් සුවපත් කරන සෘෂිවරුවන් දේශීය වෛද්‍යවරුන් අගයමින් දේශීය වෛද්‍ය ක්‍රමය නංවාලීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

    තෛභාෂා පුවත්පත් දැන්වීමකින් අයදුම්පත් කැඳවීමෙන් අනතුරුව, විද්වත් මණ්ඩලයක් මගින්, සම්මුඛ පරීක්ෂණයක් මගින් මෙන්ම ස්ථානීය නිරීක්ෂණයන් මගින් සුදුසුකම්ලත් පාරම්පරික, සිද්ධ, යුනානි, හෝමියෝපති වෛද්‍යවරුන් 62 දෙනෙකුට සහ ආයුර්වේද වෛද්‍යවරුන් 62 දෙනෙකුට ජනාධිපති සම්මාන ප්‍රදානය කිරීම සිදු විය. මෙහි විශේෂත්වය නම් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දේශීය වෛද්‍යවරුන් සඳහා ජනාධිපති සම්මාන පිරිනැමීමයි.

    තවද මෙහිදී පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍යවරුන් දොළොස් දෙනෙකු බැගින් වෛද්‍යවරුන් 24 දෙනෙකු සඳහාද විශේෂ ගෞරව සම්මාන, සහතික පත්‍ර හා තිළිණ ප්‍රදානය කිරීමක්ද සිදු කෙරිණ.

    මෙම අවස්ථාවට කථානායක මහින්ද යාපා අබේවර්ධන, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, යෞවන කටයුතු හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක යන යන මහත්වරු ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, පාරම්පරික, ආයුර්වේද, සිද්ධ, යුනානි, හෝමියෝපති යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෛද්‍යවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya