අමාත්‍යවරයා මේ බව පැවසුවේ නව දුෂණ විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධව වෘත්තීය සමිති නායකයින්, දේශපාලන අධිකාරිය හා සිවිල් සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීම වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී (20) පැවති සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.
නව නීතියට අනුව ජනාධිපති, ආණ්ඩුකාරවරු, මහ ඇමතිවරු, මහ කොමසාරිස්වරු, තානාපතිවරු, කොමිෂන් සභා කොමසාරිස්වරුන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ජනාධිපති වෘත්තිය සමිති සබදතා අංශය මෙම දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය සංවිධානය කර තිබු අතර, නව දුෂණ විරෝධි පනත් කෙටුම්පත තුළ අන්තර්ගත කරුණු හා එහි නෛතික පසුබිම පිළිබදව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ, සරත් ජයමාන්න මහතා විශේෂ දේශනයක් සිදු කළේය.
සමස්ත රටම බංකොලොත් කළ දුෂණය අල්ලස පිටු දැකීම සදහා ගෙන එනු ලබන දුෂණ විරෝධි පනතට එරෙහිව වන අයෙක් වේ නම් ඔවුන් දුෂිතයින් බවත්, නව පනතට රාජ්‍ය නොවන සංවිධානවල හෝ එවැනි වෙනත් අයතනවල සිදු වන දුෂණ අක්‍රමිකතා අයත් නොවුනත් දැනට පවතින දණ්ඩ නීති සංග්‍රහය යටතේ එවැනි කටයුතු පිළිබදව නීතිමය පියවර ගත හැකි බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
එහිදී තවදුරටත් අදහස් පළ කළ අධීකරණ අමාත්‍යවරයා
1994 වසරේ එවකට බලයට පැමිණි රජය විසින් දුෂණය මේ රටින් තුරන් කිරීම අරමුණු කර ගනිමින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව ස්ථාපිත කරලා මේ වන විට වසර 29 ක් ගත වුණත් දුෂණය අඩු වුනේ නැහැ. අද දුෂණයට විරුද්ධව කථා කරන සමහර අය දුෂණය වළක්වන්න පියවර ගන්න හදන කොට ඒවා වළක්වන්න හදනවා.
දැන් මේ නව දුෂණ විරෝධි පනත ගේන කොට වත්මන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව ඒවාට බාධා කරනවා. පසුගිය කාලය තුළ අපේ රටේ සිදු වු ආර්ථික බිද වැටීමත් එක්ක දේශපාලඥයින්ගේ රාජ්‍ය නිලධාරීන්ගේ දුෂිත ක්‍රියා සමග මේ රටේ ආර්ථිකය බිද වැටුණා කියලා කියන්න පටන් ගත්තා. ඔවුන්ගේ දුෂිත ක්‍රියා නිසා ආර්ථිකය කඩා වැටුණා කියලා කිවුවා. විශේෂයෙන් කියන්න ඕන ආර්ථිකය විනාශ වුණේ පසුගිය වසර 15 ක පමණ කාලය තුළ අපේ රටේ මහ බැංකුවේ තිබුණු අසාර්ථක භාවය හා වැරදි තීරණ නිසයි.
අද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බැංකු නොවන මුල්‍ය ආයතන තුළ මුදල් තැන්පත් කරලා තිබෙනවා. අද ඒ මුල්‍ය ආයතන කඩා වැටිලා. මේ බැංකු නොවන මූල්‍ය ආයතන කඩා වැටෙන්න හේතුව ශ්‍රී ලංකා මහ බැංකුවයි. ඒ මුල්‍ය ආයතන කඩා වැටෙන කොට සාමාන්‍ය ජනතාව ගමේ ඉන්න සල්ලි පොලියට දෙන පුද්ගලයින් පසු පස යනවා.
ආර්ථිකය කළමණාකරණය කරන්න රාජ්‍ය තන්ත්රය අසමත් වෙන විට සාමාන්‍ය ජන ජීවිතය කඩා වැටෙනවා. අපේ රටට ආයෝජන ගේන්න ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ස්ථාපිත කලා. අද ආයෝජන මණ්ඩලය තියෙන්නේ කොහේද. අපි විදේශ ආයෝජන ගැන කථා කරනවා. අපේ රටේ ආයෝජකයෝ රට තුළ ආයෝජනය කරනවාද .අපේ රටේ දුෂණයට විරුද්ධව පවතින අනෙකුත් නීති ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කළා ද, මේ නව දුෂණ විරෝධි පනත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉල්ලීම අනුව සකස් කළ එකක් නොවෙයි. අපි මේ පනත කෙටුම්පත් කරන්න ආරම්භ කළේ 2015 වසරේදීයි.
2018 වසරේදී එය කෙටුම්පත් කරලා අවසන් කලා. අපි දුෂණ විරෝධි පනත ගේන කොට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන අපිත් එක්ක සාකච්ඡා කළා. දුෂණය වළක්වන්න අවශ්‍ය මුලික පියවර ගනු ලැබුවේ 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන තුළිනුයි. අද තිබෙන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂමට නීතිය ක්‍රියාත්මක කරන්න හරියාකාර බලයක් නැහැ. ඒ නිසා අපි සාර්ථක පනතක් ගෙන ආවා. මේ නව පනත තුළින් වත්කම් හා බැරකම් ප්‍රකාශ සම්බන්ධව නව නීති සකස් කර තිබෙනවා.
ජනාධිපති, ආණ්ඩුකාරවරු, මහ ඇමතිවරු, මහ කොමසාරිස්වරු, තානාපතිවරු, කොමිෂන් සභා කොමසාරිස්වරුන් නව නීතියට අනුව වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය යුතුයි. එම වත්කම් බැරකම් ප්‍රකාශ පරීක්ෂා කිරීමේ බලය නව පනත තුළින් ස්ථාපිත කරනු ලබන අල්ලස් කොමිෂමට තිබෙනවා.ඒ වගේම දුෂණය පිළිබදව තොරතුරු ලබා දෙන අයගේ අයිතීන් ආරක්ෂා කිරීමට හා රාජ්‍ය අංශය තුළ සිදු වන ලිංගික අල්ලස් ලබාදීම වැළැක්වීම සදහා ද නව නීති හදුන්වා දී ඇති බවත් පාර්ලිමේන්තුවේ බහුතර ඡන්ද සංඛ්‍යාවකින් පනත සම්මත කර ගත හැකිවනු ඇති බවත්, අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
නව දුෂණ විරෝධි පනත් කෙටුම්පත පිළිබදව වෘතිතීය සමිති නායකයින්, දේශපාලන අධිකාරිය හා සිවිල් සංවිධාන නියෝජිතයින් පවතින ගැටලු හා ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද මෙහිදී ලබා දුන් අතර, ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවටසහභාගී විය.