ඒ අනුව ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා ගිවිසුමකට එළැඹීමට (20 දින) තීරණය කර තිබේ.මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා බ්‍රසීල සහයෝගිතා ඒජන්සියේ ( ABC- Agency for Brazilian Cooperation ) නියෝජිත පිරිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී ඇත.
බ්‍රසීල තාක්ෂණික සහයෝගිතා ඒජන්සිය මගින් ලබා දීමට නියමිත තාක්ෂණික සහයෝගිතාවන් සඳහා සත්ව පෝෂණය, සත්ව අභිජනනය, ගොවිපල පරිපාලනය හා කළමනාකරණය මෙන්ම කිරි ප්‍රවාහනය, ගබඩා කිරීම හා කිරිවල ප්‍රමිතිය පවත්වාගෙන යාම යන කරුණුවලට අදාලව සිදු කෙරේ.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සදහා පවතින මුලික ගැටලුව ගව පාලනයේ දී තවමත් නිසි විද්‍යාත්මක දැනුමක් ගොවීන් සතුව නොමැති වීමත්, උසස් තත්ත්වයේ ගවයින් මෙරටට ලබා ගැනීමේ දී පවතින ගැටලුවක් බව සඳහන් කළේය.
එමනිසා කිරිගව පාලනය උසස් අයුරින් සිදු කෙරෙන බ්‍රසීලයේ ඒ සඳහා භාවිතා කරන උසස් තාක්ෂණය අප රටට ලබා දීමට එකඟතාවය පළ කිරීම නිමිත්තෙන් එරට රජයට තම කෘතඥතාවය පළ කරන බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ බ්‍රසීල නියෝජ්‍ය මහකොමසාරිස් Monica Nasser බ්‍රසීලයේ Federal University Vicosa හි සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය Odilon Gomes Pereira, ABC හි නියෝජිත Andrea Von Rakiwisthe Tillmann, හා Nelci Peres Caixeta යන නියෝජිත පිරිස මෙන්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සහ වෛද්‍ය නිරෝෂන් ගමගේ යන මහත්ම මහත්මීන් සහභාගි විය.