අස්වැසුම අඩු ආදායම්ලාභී සහනාධාර වැඩසටහන තාවකාලිකව අත්හිටුවන ලෙසත්, ඇතැම් නුසුදුසු පුද්ගලයන් සහනාධාර ලබා දීමට තෝරාගෙන ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව පැවසීය
අස්වැසුම වැඩසටහන මගින් ප්‍රතිලාභ ලබා දීම තව දුරටත් පුළුල් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ඥා ලබා දී ඇතැයිද අගමැතිවරයා පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා පැවසුවේ,
රජය ඉදිරිපත් කළ පසුගිය අයවැය ලේඛනයේ මෙන්ම , අයි.එම්.එෆ් ගිවිසුමෙත් මෙම සහනාධාර ලබා දීමේ වැඩසටහන පිළිබඳ සඳහන් කර තිබෙනවා. මෙම වැඩසටහන තවත් පුළුල් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ඥා ලබා දී තිබෙනවා.
සහනාධාර ලබා දීම සඳහා වූ සමීක්ෂණය පසුගිය මාස කිහිපයේදී ක්‍රිියාත්මක වුණා. යම් යම් නිලධාරින් සහභාගී නොවීම නිසා අතිරේක නිලධාරින් ද යොදා ගනිමින් මෙම ප්‍රතිලාභ ලබා ගන්නා පිරිස තෝරා ගත්තා.විවිධ රෝග වලට ගොදුරු වෙච්ච අය මෙම සහනාධාර වැඩසටහනින් කිසි ලෙසකින් අයින් කරන්න බැහැ.
මේ සම්බන්ධයෙන් යම් ගැටළුවක් තිබේ නම් නැවත අයදුම්කළ හැකියි. වැඩි දෙනෙක්ට අවස්ථාව ලබා දීම තමයි රජයේ බලාපොරොත්තුව. මේ සඳහා ලැබෙන ජාත්‍යන්තර සහයෝගය තවදුරටත් අපට ලබා ගත හැකියි.