අස්වැසුම ප්‍රතිලාභ සඳහා දැනට තෝරාගෙන ඇති පිරිසගේ නාම ලේඛනය පසුගිය ජුනි 20 වනදා සිදුකළ බවත් ඒ අනුව මෙම මස 30 දක්වා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙන බවද හෙතෙම පැවසීය. එමෙන්ම නාම ලේඛනයේ ඇතුළත් නම් සඳහා විරෝධතා තිබේනම් පැමිණිලි කිරීමේ හැකියාවද ලබාදී ඇති අතර අභියාචනා මෙන්ම පැමිණිලිද විභාග කරන බවද ඇමතිවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,
මෙම සමාජ සවිබල ගැන්වීමේ ප්‍රතිලාභය ලබා දීම ආරම්භයේ සිට මේ දක්වා සර 20ක් පුරාවටම කිසිදු විනිවිද භාවයකින් තොරව සිදු කරගෙන ගිය වැඩපිළිවෙල අපි ඉතාම අපහසුවෙන් නවතා දැමුවා. ඒ අනුව, අත්‍යවශ්‍යයෙන්ම ප්‍රතිලාභ ලැබිය යුතුම පාර්ශ්වයන් හඳුනාගෙන ඔවුන්ට අස්වැසුම ලබා දීමට අපි විනිවිද භාවයෙන් යුතු ක්‍රමවේදයක් දැන් සකසා තිබෙනවා. කිසිදු ආකාරයකින් පක්ෂග්‍රාහීව මෙම නාම ලේඛනය සැකසීමේ හැකියාවක් කිසිදු පාර්ශ්වයකට නැති බව අවධාරණය කරනවා.
නුසුදුසු කෙනෙක් තේරි සිටින බවට පැමිණිල්ලක් තිබෙනවානම් එවන් පැමිණිලි ප්‍රාදේශිය ලේකම්ට භාර දීමේ හැකියාව තිබෙනවා.ඒ අනුව එම අභියාචනා හා පැමිණිලි ලැබෙන පිළිවෙල අනුව දිස්ත්‍ර්ක් ලේකම්වරුන් විසින් කමිටු පත් කර ලැබෙන පැමිණිලි හා අභියාචනා විමර්ශනය කරනවා. ඉන් පසුව ඔහු හෝ ඇය ඇතුළත් විය යුතුද, ඉවත් විය යුතුද යන්න සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරනවා.
ඒ් වගේම කිසිම අභියාචනයකට හෝ පැමිණිල්ලකට ලක් නොවන කණ්ඩායම් වලට ජූලි මාසය වනවිට මෙම දීමනාව ලබාදිමට කටයුතු කරනවා. ඒවගේම මෙතන ඇතිවූ තවත් කාරණයක් තමයි අද නාමලේඛනය ප්‍රසිද්ධ කර තිබෙන්නේ පවුල් ලෙස ගන්නා අයයි. තනි පුද්ගලයින් ලෙස මෙම ප්‍රතිලාභ ලබන වකුගඩු රෝගීන්, ජ්‍යේෂ්ඨ පුරවැසියන්, ආබාධිතයින් වැනි අයගේ නාම ලේඛනය ලබන සතියේදි ප්‍රදර්ශනය කරනවා. දැනට ප්‍රදර්ශනය කර තිබෙන නාම ලේඛනය අවසාන නාම ලේඛනය නෙවෙයි. මේ අභියාචනා සහ පැමිණිලි වලට ඉඩ ලබාදීම සඳහායි නාම ලේඛනය ප්‍රදර්ශනය කැර තිබෙන්නේ. ඒ වගේම ජූලි මාසයේදී පළමු වාරිකයෙන් පසුව අගෝස්තු මාසයේදි ඊළඟ වසර සඳහා අයදුම්පත් කැඳවීමත් සිදුකරනවා. සුදුසුම දුප්පතුන් තෝරාගෙන මෙම ප්‍රතිලාභය ලබාදීම අපගේ උපරිම උත්සාහයයි. සුභසාධන ප්‍රතිලාභ ලබාදීමේදී සියයට 30 කට වැඩි නුසුදුසු පිරිසක් ප්‍රතිලාභ ලබාගැනීම තුළ සැබැවින්ම දුප්පත් අයට බරපතල අසාධාරණයක්ද සිදුවුණා.ඒ නිසා දීර්ඝ කාලයක් නිවැරදි නොවුනු ක්‍රියාවලිය තමයි අද රජය හා විපක්ෂය මේ සිදු කරමින් තිබෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා, පළමු වසරේදී මෙය සියයට අසූවක් වත් නිවැරදි වෙයි.