ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ සම්මන්ත්‍රණය ආරම්භ වෙයි

    ජූනි 24, 2023

    තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ සම්මන්ත්‍රණය ආරම්භ වෙයි.

    පරිසර අමාත්‍යාංශය හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය එක්ව සංවිධානය කරනු ලබන තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ දෙදින සම්මන්ත්‍රණයකෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් (22) බත්තරමුල්ල Monarch හෝටලයේ දී ආරම්භ විය.


    ජාත්‍යන්තර නයිට්‍රජන් කළමනාකරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව ද ගිවිසුම් ගත වී ඇති බවත්, එම නිසා අන්තර්ජාතික තිරසර නයිට්‍රජන් කළමනාකරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය බැඳී සිටින බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.


    නයිට්‍රජන් බහුලතාවය පාරිසරික වශයෙන් විශාල බලපෑමක් එල්ල කරන අතර කෘෂිකර්මාන්තයේ දී බහුල වශයෙන් යොදන යුරියා පොහොර හේතුවෙන් විශාල නයිට්‍රජන් ප්‍රමාණයක් පරිසරයට එකතු වන බවත් මේ නිසා පැවැති රජය කෘෂිකර්මාන්තයේ දී සියයට සියයක් කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පාරිසරික වශයෙන් යහපත් ප්‍රවණතාවයක් වුවත් අවසානයේ කෘෂිකර්මාන්තය කඩා වැටීමට ලක් වූ බවත් අමාතවරයා එහිදී පෙන්වා දුන්නේය.


    එසේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පොහොර භාවිතයේ දී රසායනික හා හා කාබනික පොහොර යොදා ගැනීම සම්බන්ධව සියලුදෙනාට එකඟවිය හැකි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළ යුතු බවද අමාත්‍යවරයා කීය.


    නයිට්‍රජන් බහුල වශයෙන් පරිසරයට එකතු වීම හේතුවෙන් පාරිසරික මෙන්ම සෞඛ්‍ය ගැටලු රැසක් උද්ගතව ඇති බවත්, එම ගැටලුවලට ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දෙමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
    මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය නසීර් මොහමඩ් මහතා, අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙන්ම විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ඇතුලු පිරිසක් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya