බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි.75 වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ.
ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ගාල්ල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.